රසායන විද්‍යාවේ හැදින්විම







රසායන විද්‍යාව, විද්‍යාවෙහි ශාඛාවකි. නූතන රසායන විද්‍යාව කේන්ද්‍රගත වී ඇත්තේ ලෝකයේ පවතින මූලද්‍රව්‍ය හා ඒවා අතර ඇති බන්ධන පිළිබඳව හැදෑරීම කෙරෙහිය. රසායනික ද්‍රව්‍ය වල සංයුතිය, ව්‍යුහය හා ගුණ සහ ඒවාට සිදුවන රසායනික විපර්යාස පිළිබඳවද රසායන විද්‍යාවෙහිදී හදාරනු ලැබේ.
In the study of matter, chemistry also investigates its interactions with energy and itself. Because of the diversity of matter, which is mostly in the form of compounds, chemists often study how atoms of differentchemical elements interact to form molecules, and how molecules interact with each other.

තීරු සංකේත කියවනය (Barcode Reader)




බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය  භාවිතා කර යම් කිසි භාණ්ඩයක  විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.

ඔත්තේ හා ඉරට්ටෙ


ඔත්තේ (Odd) සහ ඉරට්ටේ (Even) සංඛ්‍යා යනු බොහෝ විට ගණිතය හැදෑරීමේදී ඉගෙන ගන්නා මුල්ම සංඛ්‍යා වර්ගීකරණය. මෙහිදී දෙකෙන් බෙදීම යන කරුණ මත ‍සියළුම ගණින සංඛ්‍යා කොටස් 2කට වර්ග කෙරේ. 
ඔත්තේ සහ ඉරට්ටේ දිනවලදී වාහන ගාල් කිරීම තහනම් යැයි දැක්වෙන පාලන සංඥාවක්
යම් නිඛිල (Integer) සංඛ්‍යාවක් 2 යන සංඛ්‍යාවෙන් බෙදූවිට ශේෂය ශුන්‍ය වේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එසේ නොමැතිව ශේෂය ලෙස ශුන්‍යය නොලැබේනම් ඒවා ඔත්තේ සංඛ්‍යා වේ. අනෙක් විශේෂත්වය ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සෑම විටම ශේෂය ලෙස ලැබෙනුයේ එකය.
ඔත්තේ සඳහා උදාහරණ: ....., -5, -3, -1, 1, 3, 5,  .....
ඉරට්ටේ සඳහා උදාහරණ: ......, -6. -4, -2, 0, 2, 4, 6, .....
0 ත් ඉරට්ටේද? මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට අර්ථදැක්වීම (Definition) භාවිතා කල හැක. සියළුම ඉරට්ටේ සංඛ්‍යා 2හි ගුණාකාර වේ. එනම් 2 x 0 = 0 වේ. එහෙම බලනකොට 0ත් 2හි ගුණාකාරයක්. ඒක නිසා 0 ඉරට්ටේ සංඛාවක් විදියට සැලකීමට සිදු වෙනවා.
දැන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වලට අප දන්නා මූලිකම ගණිත කර්ම සතර වන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ක්‍රියාවන්ට භාජනය කර බලමු. මෙතැන් සිට පහසුව තකා ඔත්තේ සංඛ්‍යාවක් 'ඔ' ලෙස ද ඉරට්ටේ සංඛ්‍යාවක් 'ඉ' ලෙසද සංකේතවත් කරමු. 'ඔ" සහ 'ඉ' ගැලපෙන සංඛ්‍යාවක් ආදේශ කර බැලීමට ඔබට නිදහස ඇත.

2012 දෙසැම්බර් පිට සක්වල යනා ආවාද?උල්කාපාත වැ‍ටුනද?





මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත. මේ මස උදය කාලයේදී හිරු නැඟීමට ප්‍රථම ගිණිකොන දිග ක්ෂිතිජය අසල අහසේ බුධ ග්‍රහයා ,සිකුරු ග්‍රහයා හා සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කළ හැක. තවද දෙසැම්බර් මස 3වන දින බ්‍රහස්පතී ග්‍රහයා පෘථිවියට ඉතාමත් ආසන්න වන අතර ඉතා දීප්තිමත්ව දිස්වනුඇත.මෙම අවස්ථාව බ්‍රහස්පතී ග්‍රහයා නිරීක්ෂණයට හා ඡායාරුපගත කිරීමට මහගු අවස්ථාවකි.

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ



පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.

මෙහිදී ඔවුන්ගේ ඉන්දීය සමගාමීන් විසින් සවිස්තරාත්මකව අතින් අඳිනලද සිතියම් විමසා බැලූ ඔවුහු මෙම ඇටකටු එකිනෙකට බැඳී තිබෙන අයුරක් පිළිබිඹු කරමින් එක ළඟ වැළලී තිබී ඇති බව අනාවරණය කැර ගත්හ.මෙම අවස්ථාවේ මෙතෙක් ලොව සොයා ගෙන නැති ඩයිනෝසර් වර්ගයක ලොව සැකිලි කොටස් එහි ඇති බව අනාවරණය වූ විට ආකිමිඩීස්ගේ “යුරේකා” මොහොතක වාතාවරණය එහි ඇති වූ බව සෙරිනෝ ප‍්‍රකාශ කැර තිබේ. සෙරීනෝ, චිකාගෝ සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ මහැදුරු මෙන් ම ජාතික භූගෝලවිද්‍යා ගවේෂකයකු ද වන්නේ ය.මෙම වසර මිලියන 65 ක් පැරැණි ඇටකටු සොයාගනු ලැබ ඇත්තේ 1983 ඩයිනෝසර බිත්තර හා කූඩු සොයාගිය ගමනකදී ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සුරේශ් ශී‍්‍රවස්තවා සහ පන්ජාබ් සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ අශෝක් සහිනි විසිනි.එම පාෂාණය ඇටකටු කණින ලද බිම් කඩෙහි පිහිටි අයුරු ශි‍්‍රවස්තා විසින් සවිස්තරාත්මකව සිතියම් ගත කරනු ලැබ ඇත. ඉන්පසු මෙම ඇටකටු ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතන කාර්යාලයක ගබඩා කෙරිණි. සෙරිනෝ හා විල්සන් පැමිණෙන තුරුම ඒවා එහි පැවතිණි.ඉන්දියානු විද්‍යාඥයන් හා එක් වූ මේ දෙදෙනා මීටර් 9 (අඩි 30) ක්්දිග මෙම නව ඩයිනෝසරයාගේ හිස් කබල ප‍්‍රතිනිර්මාණය කළහ. මේ මාංශ භක්ෂකයා “ රජසෝරස් - නර්මදේන්සිස්” ලෙස නම් කෙරිණ. එහි අරුත “නර්මදා වේ රාජකීය ඩයිනෝසරයා” යන්නයි. එම ඩයිනෝසරයා එසේ නම් කෙරුණේ ඇටකටු සොයා ගැනුණු බටහිර ඉන්දීය නදී කලාපය අනුව යමිනි. මෙම කි‍්‍රයාවලියට ජාතික භූගෝලවිද්‍යා සංගමයෙන්ද සහාය ලැබී ඇත.ලෝකයේ මහාද්වීප පහේදීම නව ඩයිනෝසර් වර්ග සොයාගෙන ඇති සෙරිනෝ මෙම ඉන්දීය ඩයිනෝසර් ඇටකටු හා සැකිලි මැනවින් හඳුනා ගත්තද හිස්කබල ප‍්‍රති නිර්මාණයෙන් පසු මෙම අහිමි ඉන්දීය ඩයිනෝසරයා පිළිබඳ ඡායා මාත‍්‍රගත අවබෝධයක් ලැබූ බව කියා තිබේ. දැනටත් ජුරාසික් යුග ඩයිනෝසර් සැකිලි දෙකක් ඉන්දයාවේ සකස්කොට ඇත. මෙහිදී ඒවා තනි සැකිලි නොව තනි තනි ඇටකටු සංයෝග කිරීමෙන් තනාගත් ඒවාය.

තනි ඇටකටු මඟින්, ඉන්දියාවේ මාංශ භක්ෂක හා ශාක භක්ෂක ඩයිනෝසරයන් සිටි බව වටහාගෙන ඇතත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු වී දැයි නොදන්නේ කිසිම ඇටකටු දෙකක් එකම ඩයිනෝසරයකුට අයත් බව අනාවරණය නොවීම නිසාය. මෙහිදී රාජසොරස් වර්ගය වැදගත් වන්නේ එය ඇටසැකිල්ලේ විශාල කොටසක් විදහන අතර ඔවුන්ගේ විකාශයීය සබඳතා ඇඟවෙන විස්තර රැසක්ම සුරැකි ඇති බැවිනි.ප‍්‍රතිනිර්මාණික හිස්කබලේ සමහර කොටස් ගිලිහී ගොස් ඇතත්, අත්‍යවශ්‍ය කොටස් එහි පවතී. ඒ අනුව හකුපාඩා හා මොළ කූඩුව ඉතිරි වී ඇත. මේ රාජසෝරස් නම් ඩයිනෝසර් වර්ගය බෙහෙවින් බරය. ශක්තිමත්ය. ඒ සමගම ඌ දෙපාවලින් ඇවිද ගිය සතෙකි. ඌ නව වර්ගයක් බවට පත් කෙරෙන ශාරීරික ලක්ෂණ කීපයක් ම පවතින අතර, එහිදී වඩාත් කැපී පෙනෙන්නේ උගේ හිස මත පිහිටි අඟයි. එය බෙහෙවින් සියුම් විය හැකි අතර ඉතා කොට හා වටකුරු විය හැකිය.මෙම රාජසෝරස් මාංශ භක්ෂකයා ඩයිනෝසර් යුගයේ අවසානයට අයත් කි‍්‍රටේසියස් අවදියට අයත් වූ අතර, නර්මදා කළාපයේ සරිසැරූ ශාක භක්ෂක ඩයිනෝසරයන් වූ දිගු ගෙල සහිත ටයිටැනෝසෝර් වර්ගය ගොදුරු කැර ගත්තේ ය.මෙම ඩයිනෝසර් වර්ග දෙකේ ම ඇටකටු එකට හමු වී තිබේ. ඉන්දිය පාෂණ ධාතු විද්‍යාඥයින්ට මෑතකදී ටයිටැනෝසරයන්ගේ පාෂාණ භූත අපද්‍රව්‍ය හමුවී ඇති අතර එය ඔවුන්ගේ ආහාරය කුමක් වී දැයි ඉගි කරන්නකි.රාජසෝරස් සැකිලි සොයාගත් ප‍්‍රදේශයෙන්ම කෙරොපොඩ් ඩයිනෝසරයන්ගේ බිත්තර කීපයක් සොයගෙන ඇති නමුදු ඒවා රාජසෝරසයන්ට අයත් යැයි නිශ්චිතව කිව නොහැකිව ඇත.විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ රාජසෝරස්යන් මාංශභක්ෂක ඩයිනෝසර වර්ගයට අයත් බවය. උන්ගෙන් බහුතරයකට අඟක් තිබී ඇති අතර උන් වත්මන් මැඩගස්කරය, අපි‍්‍රකාව හා දකුණු අමෙරිකාව අයත් දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ස්කන්ධය පුරා සැරිසරා ඇත.




මහාද්වීප සියල්ල එකට එක්ව තිබුණු සමයේ ජීවත්වෙමින් පරිණාමයට ලක්ව මියගිය එකම සුවිශාල සත්වයා ඩයිනෝසරයා බවට මිනිසුන් බොහෝ දෙනකු අවබෝධ කැරගෙන නැතැයි සෙරීනෝ පවසයි.වසර මිලියන 65 කට පමණ පෙර මහා විනාශයක් සිදුවීමට මත්තෙන් විසූ අවසන් වර්ගට අයත් තත්කාලීන ටයිරැනෝ සොරස් රෙක්ස් වර්ගයට රාජසොරස් වර්ගය බෙහෙවින් සමාන වී තිබේ.ඩයිනෝසරයන් වඳ වි යාමට හේතුව මහත් විවාදයට ලක්වූවකි. එහෙත් ඉන්දියාවේ ඇටසැකිලි හමු වූ උන් වැළලුණු බිම් ප‍්‍රදේශ ඊට ඉඟියක් සපයනු වැනිය. මෙම ඩයිනෝසර සැකිලි හමු වූ අවසාධිත පාෂාණයන් ඇත්තේ පෘථිවියේ ඉකුත් වසර මිලියන 500 ක ඉතිහාසයේ වාර්තා වී ඇති විශාලම ගිනිකඳු කි‍්‍රයාවලියක් සිදුවූ ප‍්‍රදේශයක බව ෂානි කියා තිබේ.ඉන්දීය භූමියෙන් 1/3ක්ම ලාවා වලින් වැසී ඇති හෙයින් ඩයිනෝසර් ඇටකටු සොයා ගැන්ම බෙහෙවින් දුෂ්කර බවත්, අනිත් අතට ඉන්දියාව ජනාකීර්ණ රටක් වීමද ඊට බලපාන බවත්්දක්වන සෙරීනෝ පාෂාණධාතු විද්‍යාඥයකුගේ කැණීම් වලට පහසුම ස්ථානය පාළු කාන්තාර බවද පවසයි.ඩයිනෝසර පාෂාණය ධාතු සොයා ගැන්මෙන් ඉන්දියාව සෙසු මහාද්විපයන්ගෙන් වෙන්වූ ආකාරය පිළිබඳ ඇති මඳ අවබෝධය පුළුල් කරනු ඇතැයි සැලකේ. ඉන්දීය උපමහාද්වීපය පාවී ගිය කාල වකවානු මනා නිශ්චය කිරීමකට ලක්ව නැතත්, ඩයිනෝසරයන් මහාද්වීප හරහා ගමන් කළ සත්ව වර්ගයක් බැවින් මහාද්වීප ප්ලාවිතය (පාවීයාම) පිළිබඳ අධ්‍යයනයට උන් බෙහෙවින් උපකාරි වනු ඇති බව විල්සන්ගේ මතය වී තිබේ.මේ අනුව ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් කලෙකදී යා වී පැවතුණ බවට ඇති භූවිද්‍යාත්මක සාක්ෂි මැද ඩයිනෝසරයන් වර්ගයක් මෙහිද නොසිටියේ යැයි කිව හැකිද?

උපුටා ගන්නා ලද ලිපියකිත.අයිතිය මුල් හිමිකරු සතුය

පියාඹන ඩයින සෝරයෝ


රයිට් සහෝදරයන් ගුවන් යානය නිපදවන්නටත් පෙර එනම් මීට වසර මිලියන 125 කට පමණ පෙර අහසෙහි ගුවන්යානයක් මෙන් පියාසර කළ පක්ෂි විශේෂයක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. මෙම සත්වයා පක්‍ෂියෙකු යැයි කීවද වඩාත් සමීප වන්නේ ඩයිනෝසර වර්ගයටයි. මෙම ඩයිනෝසරයන් ජීවත්ව ඇත්තේ ගස් වලයි.මෙම ඩයිනෝසර විශේෂයේ පොසිල 2003 දී චීනයෙන් සොයා ගනු ලැබුවා. පියාපත් ඇති මේ සත්ව විශේෂය ‘මයික්‍රොරැප්ටර් ගයි’ යන නමින් හඳුන්වනු ලබනවා.2003 වසරේදී මෙම සත්වයාගේ පොසිල සොයා ගත්තද ඔවුන්ගේ පියෑඹීමේ කි‍්‍රයාවලිය ගැන විවිධ අය විවිධ මත දරන්නට වුණා. කෙසේ වුවද පසුගියදා කරන ලද පර්යේෂණ වලින් මෙම සතාගේ පියාසර කිරීමේ කි‍්‍රයාවලිය ගැන අලුත්ම අදහසක් ඉදිරිපත් වුණා. ඩයිනෝසර විශේෂයක් වන මෙම මයික්‍රොරැප්ටරයන් ජුරාසික යුගයේ විසූ පක්‍ෂීන්ටද නෑකම් කියන්නෙක්. කුරුලු පරිණාමයේ අතරමැදි අවධිය මෙම මයික්‍රොරැප්ටරයන් පිළිබිඹු කරන බවත් විද්‍යාඥයන් පවසනවා.

රුක්වාසීන් වන මෙම මයික්‍රොරැප්ටරයන්ගේ ශරීර ප‍්‍රමාණය සෙන්ටි මීටර් 77  ක් පමණ වෙනවා. පියාපත් ජෝඩු දෙකක් පිහිටා ඇති අතර එක් පියාපත් ජෝඩුවක් ඉදිරි ගාත‍්‍රා අතර සිරුරේ මතුපිටින්ද අනෙක් පියාපත් ජෝඩුව අපර ගාත‍්‍රා දෙක අතරේ සිරුරේ යටි පැත්තේද පිහිටා තිබෙනවා. ගස් මුදුන්වල සිට අඩි 130 ක් පමණ ඉහළ අහසේ පියාසර කිරීමේ හැකියාව මෙම ඩයිනෝසරයා සතුව තිබුණු බවත් වාර්තා වෙනවා.මුලින්ම නිර්මාණය කරන ලද ග්ලයිඩර වැනි අහස් යානාවේ අකෘතියට සමාන ආකෘතියකින් මෙම මයික්‍රොරැප්ටරයන්ගේ පියාපත් සැකසී ඇති බවයි කරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ. කුරුල්ලන්ගේ පරිණාමය ගැන අධ්‍යයනය කිරීමට ද මේ සොයා ගැනීම මහත් පිටිවහලක් වන බවයි විද්‍යාඥයන්ගේ අදහස වන්නේ.මහපොළොව මත දුව පැන ගිය කුඩා ඩයිනෝසරයන්ගෙන් කුරුල්ලන් පරිණාමය වන්නට ඇති බවයි ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස වන්නේ. එමෙන්ම සමහරක් පවසන්නේ රුක්වාසී ඩයිනෝසරයන්ගෙන් කුරුල්ලන් පරිණාමය වන්නට ඇති බවයි. මුලින් මෙම ඩයිනෝසරයන් මෙම පියාපත්  තම සිරුරේ  සමබරතාවය රැක ගන්නට උපකාරී කරගන්නට ඇති බවත් කල්යත්ම එම පියාපත් සැලීම මගින් වනාන්තරයේ එහා මෙහා පියාසරන්නට ඇති බවත් ඔවුන් පවසනවා.

විද්‍යාව යනු

Icon
විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි. එබැවින් විද්‍යාව උත්ස්වාභාවික සිද්ධීන් මඟහරී. විද්‍යාව යන වචනය අතීතයේ භාවිතා වී ඇත්තේ බුදු දහමේ එන අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය හැඳින්වීමටය. බුද්ධ දේශනයට අනුව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූවිට ප්‍රඥාව සහ විද්‍යාව ලැබෙයි. Science යන ඉංග්‍රීසි වචනය යටත් විජිත සමයේදී "විද්‍යාව" ලෙස වැරදියට පරිවර්ථනය කර ඇත. මෙම පැටලවිලි සහගත තත්වය විසඳීමට විද්වතුන් විසින් අනුගමනය කරණ විසඳුම් මෙසේය * 'science' යන වචනයේ සිංහල වචනය ලෙස 'බටහිර විද්‍යාව', 'නවීන විද්‍යාව', හෝ 'සයන්ස්' යන වචන 3න් එකක් භාවිතාකිරීම. * බුදු දහමේ සඳහන් විද්‍යාව හැඳින්වීමට විජ්ජා යන වචනය භාවිතාකිරීම.
කෙසේ හෝ නවීන විද්‍යාවට හැඳින්වීමට වර්තමානයේ 'විද්‍යාව' යන තනි වචනය භාවිතා වන බැවින් විකිපීඩියාවේ 'Science' නැමැති ද්වාරය හඳුන්වා ඇත්තේ 'විද්‍යාව' ලෙසිනි. නවීන විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම් * ශුද්ධ විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත නොහැකි කරුණු හැදෑරීම.) * ප්‍රායෝගික විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත හැකි කරුණු හැදෑරීම.