අනාගත බලශක්‌ති උල්පතක් විය හැකි ක්‍ෂුද්‍රජීවී ඉන්ධන කෝෂය (Microbial Fuel Cell)
මේ වන විට ලෝකයේ පවතින ෆොසිලවලින් ලැබෙන ඉන්ධන ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එය අවසාන වීමේ ප්‍රවනතාවක් වේ. මේ පිළිබඳව අවධානය යොමු වී ඇති අතර ෆොසිල ඉන්ධනවල අඩුව පිරිමැසීමට හැකි එක් බලශක්‌ති උත්පාදකයක් පමණක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි ය.
මේ වන විට ක්‌ෂුද්‍රජීවීන් විශේෂයක් වන බැක්‌ටීරියා භාවිතයෙන් අපද්‍රව්‍ය සහ ජෛව ස්‌කන්ධවලින් විදුලිය නිපදවීමට ඇති හැකියාව පිළිබඳව වැඩිදුර විමසිලිමත් වී තිබේ. ඒ අනුව මෑත දී සොයා ගෙන ඇති Geobacter Sulfurreducens KN400 බැක්‌ටීරියා විශේෂය මඟින් ඉහළ විදුලිබලයක් උපදවන බව පෙන්වා දී තිබේ.
ක්‍ෂුද්‍රජීවීන් පරිවෘත්තිය මඟින් විදුලි ධාරාවක් ලෙස ශක්‌තිය උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව බොහොමයක් පර්යේෂකයන් ප්‍රකාශන ඉදිරිපත් කර තිබේ. මේ සොයා ගැනීම් දිරි ගන්නාසුලු අතර අනාගතයේ තිරසාර බලශක්‌ති උත්පාදනයේ දී ක්‌ෂුද්‍රජීවී ඉන්ධන කෝෂ තාක්‌ෂණය (Microbial Fuel Cell Technology (MFC) වැදගත් මෙහෙයක් කරනු ඇතැයි බලවත් විශ්වාසයක් ගොඩනැඟී තිබේ.
විභාග භීතිකාවට පිළියම්
විභාගයක් ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක් ඇත sවේ. මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ. අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ මෙසේ ඇති වන බිය නිසා විභාගය අසාර්ථක වීම මෙන්ම හිසරදය, චර්ම රෝග හා මානසික පීඩා ද ඇති විය හැකි බවයි. ඇතැම් දරුවන් ගේ මතකය මේ බිය නිසා බිංදුවට බසින අවස්‌ථා ද ඇත. එනිසා කෙනකු විභාග භීතිකාව යනු කුමක් දැයි හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. අනෙක් අතට බියක් ඇති වූවා කියා විභාගය මඟහැර යන්නට අපට නොහැකි ය. එසේ වුව හොත් පාඩු වන්නේ අපට ම ය. එනිසා කළ යුතු වන්නේ විභාගය හැර දමා පලා යැම නො ව බිය පරාද කිරීම ය.
ඇතැම් විට ඉතා හොඳින් පංතියේ වැඩ කරන සැබෑ කැප වීමක් ඇති දරුවකුට පවා විභාග බිය ඇති විය හැකි ය. විභාග බිය හේතු කීපයක් නිසා ඇති විය හැකි ය. පළමුවැන්න නිසි ලෙස සූදානම් නො වීමයි. දෙවැන්න විෂය කරුණු නිසි ලෙස පරිහරණය කරන්නට නො ලැබීමයි. තෙවැන්න තමා අන් අය විසින් විනිශ්චයට බඳුන් කරනු ලබතැයි යන සිතිවිල්ලයි. මවුපියන් තමා ගැන තබන ලද විශ්වාසය බිඳ වැටේ ද යන්න නිතර සිතීමෙන් ද දරුවෝ විභාග භීතියක් ඇති කරගනිති. විභාග භීතිකාව ඇති වන තව ක්‍රමයක් වන්නේ සම වයසේ මිතුරු මිතුරියන් ගේ කතාබහයි.
පුනරාගමනය විද්‍යා ප්‍රබන්ධ 2 කොටස
ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක් වන ක්‍ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක් මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක් ව සිදු කළ මහා බුද්ධි සංග්‍රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්‌ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්‌සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි.පුනරාගමනය-විද්‍යා ප්‍රබන්ධය 01 කොටස
මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක් පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක් දෙනු සඳහා ය. හෙතෙම සිය කාර්යාල කාමරයේ වූ ජනෙල් පෙළ වෙත ගොස් ඉන් පිටත පෙනෙන ලොව දෙස නෙත් යොමු කළේ ය. එසේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන සැම විට ම පාහේ සිදු වන අයුරින් ඔහු වෙතින් අද ද සුසුමක් පිට විය.
අද දිනය ක්‍රි.ව. 2040 අප්‍රේල් 27 වැනි දා ය. මීට දශක දෙකකට පමණ පෙර මිනිසා අනාගතය පිළිබඳ ඉතා අප්‍රසන්න සිහින දුටුවේ ය. ජීවයට අහිතකර වාතයෙන් ආරක්‍ෂා වීමට ශ්වසනාධාරක වෙස්‌මුහුණු පැළඳ උෂ්ණාධික කොන්ක්‍රීට් වනාන්තරයක විවිධාකාරයේ යන්ත්‍ර-සූත්‍ර අතර ජීවත් වීම සිය ඉරණම වෙතැ'යි මිනිසා බිය විය. තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු ලොව බොහෝ රටවල් එම ඉරණම අත්පත් කොටගෙන කාලයක් දුක් විඳ, අවසානයේ ආර්ථික ව අස්‌ථාවර ව, සාගත හා වසංගත නිසා විනාශයට පත් විය. එහෙත්, දේශප්‍රේමිත්වයෙන් එක් වූ බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස අද ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත ඉරණමෙන් මිදී ඇත.
අද ශ්‍රී ලංකාවේ පවතින මේ සුන්දර පරිසරයත්, ස්‌ථාවර ආර්ථිකයත්, සාමූහික ජන සමාජයත් දැන් සාමාන්‍ය දේ බවට පත් ව ඇත. මේ තත්ත්වයට රට ගෙන ඒමට කළ කැපවීම් බොහෝ දෙනකුට දැන් අමතක ව ඇතත්, එම මහා සමාජ විප්ලවයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය්‍ය දහම්ට එම තීරණාත්මක කාල පරිච්ඡේදය අමතක කළ නො හැකි ය. සිය කාර්යාලයේ ජනේලයෙන් ඉවත බලන සැම මොහොතක ම සිය කාර්යභාරය සාර්ථක ව ඉටු වී ඇතැ'යි යන සැනසිලිදායක සිතිවිල්ල නිසා ඔහු ගේ සිත සැහැල්ලු වේ.
Zඇළ සහ අපේ පැරැණි ඇළ
අරලගංවිල ප්‍රදේශයේ Z ඇළට රෝද දෙකේ ට්‍රැක්‌ටරයක් පෙරැළී මහ විනාශයක් වූයේ මේ නොබෝදා ය. මීට පෙර ද මෙවැනි ඇළවලට වාහන පෙරැළී මිනිස් ජීවිත අහිමි විය.
නූතන වාරි ඉංජිනේරු විද්‍යාවට අනුව ඇළක් යනු තැනකින් තැනකට වාරි ජලය ගෙන යන ක්‍රමවේදයයි. මෙහි දී ජලය උපරිම ඉක්‌මනින් මාර්ගයේ දී පසට කාන්දු නො වී කෙටි ම ම`ග
සතුන්ට හිතවත් ගෙවත්තක්
විවිධ සතුන්, සමනළයන් හා සියොතුන් දැකීමට අපි ස්‌වාභාවිකව කැමැත්තක් දක්‌වන්නෙමු. එය පරිසරය කෙරේ මිනිසා නිසගයෙන් දක්‌වන ආකර්ෂණයේ ශේෂයක් සේ සැලකිය හැකි ය. ග්‍රාමීය හෝ නාගරික ප්‍රදේශයක සිටිය ද, අපේ ගෙවත්තේ පවා ඔවුන් දැකගැනීමට අපි කැමැත්තෙමු.
මේ ආකාරයෙන් ගෙවතුවලට ආකර්ෂණය වන සත්ත්ව විශේෂ අතර විවිධ පක්‌ෂි විශේෂ, සමනළයන් වැනි අපෘෂ්ඨවංශීන් ද ලේනුන් වැනි කුඩා ක්‌ෂීරපායින් ද වඩාත් සුලබ ය. පක්‌ෂීන් ගේ විචිත්‍රත්වය හා නාදයත්, සමනළයන් ගේ වර්ණවත් බවත්, ලේනුන් වැනි සතුන් ගේ හැසිරීමත් නිසා ඔවුන් අපේ ගෙවත්තට කිසිදු බාධාවකින් තොර ව පැමිණිය හැකි සත්ත්ව කාණ්‌ඩ අතරට වැටේ. එසේ ම කටුස්‌සන් වැනි තවත් හිතකර සතුන් බොහොමයක් ද අපේ ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි ය. වඳුරන් හා රිලවුන් වැනි ඇතැම් සතුන් කරදරකාරී සේ සැලකීමට ඇතැමුන් පුරුදු වී සිටිය ද, ඔවුන් ද මිහි මව ගේ පරිසරයේ වාසය කිරීමට අයිතියක් ඇති ජීවීන් වන බව අප අමතක නො කළ යුතු ය. මේ සියලු සතුන් වාසය කරන්නේ ඔවුන් ගේ ස්‌වාභාවික පරිසරයේ ය.
මේ නිසා ගෙවත්තක් නිර්මාණයේ දී මෙන්ම පවත්වාගැනීමේ දී ද එවැනි සතුන්ට හිතකර ආකාරයෙන් එය නිර්මාණය කළ හැකි ය. එවැනි සරල ක්‍රියාකාරකම් කිහිපයක් අද හරිත තීරයෙන් කෙටියෙන් විස්‌තර කරමු.
චර්නොබිල් විකිරණවල බලපෑම ක්‌ෂුද්‍ර ජීවීන්ටත්
1986 වර්ෂයේ දී ඇති වූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුරෙන් පිට වූ විකිරණ පසේ වෙසෙන ක්‌ෂුද්‍ර ජීවීන්ට ද බලපා ඇති ආකාරය පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ බලපෑම නිසා ඒ ප්‍රදේශයේ පසේ පවත්නා ශාක පත්‍ර හා වෙනත් ද්‍රව්‍ය ඇතුළත් කාබනික ද්‍රව්‍ය ජීරණය වීමේ වේගය අඩු වී ඇත.
පළමු පිපිරීමෙන් විනාශ වූ ගස් වසර දශක දෙකකටත් පමණ කාලයකට පසුව පවා හොඳ තත්ත්වයෙන් පැවතීම නිරීක්‌ෂණය කිරීමෙන් පසු මේ පර්යේෂකයන් ප්‍රදේශයේ ශාක ද්‍රව්‍ය ජීරණය වීමේ වේගය පිළිබඳව අවධානය යොමු කර ඇත. විකිරණ බලපෑමට ලක් නො වූ පයින් ශාක පත්‍ර භාවිත කරමින් හා පසේ ඇති ජීරණය නො වූ ද්‍රව්‍ය ස්‌ථරය පිළිබඳ ව ඔවුන් සිදු කළ අධ්‍යයනයක දී හෙළි ව ඇත්තේ විකිරණ ප්‍රමාණය අධික පරිසරයක දී කාබනික ද්‍රව්‍ය ජීරණය අඩු බවයි. මේ සම්බන්ධ ව ඔවුන් ගේ නිගමනය වන්නේ විකිරණ ම`ගින් දූෂිත වූ පරිසරයක දී ශාක ද්‍රව්‍ය ජීරණය සඳහා හේතු වන බැක්‌ටීරීයා හා දිලීරවල ක්‍රියාකාරීත්වයට බලපෑමක් වන බවයි.
මේ ආකාරයෙන් ශාකමය ද්‍රව්‍ය ජීරණය වීමේ වේගය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වියළී ගිය ද්‍රව්‍ය පහසුවෙන් වන ගිනිවලට ලක් වීමේ අවදානමක් තිබේ. එය ප්‍රදේශයේ ඇති විකිරණශීලී ද්‍රව්‍ය අවට පිහිටි වෙනත් ප්‍රදේශවලට පවා ව්‍යාප්ත වීමේ තර්ජනයක් ඇති කරයි. (මූලාශ්‍රය Oecologia, DOI: 10.1007/s00442-014- 2908-8 )
ආසියාවේ වායු දූෂණයෙන් කාලගුණයට බලපෑම්
ආසියානු රටවල දැකිය හැකි වායු දූෂණය නිසා ලෝකයේ උතුරු අර්ධගෝලයේ සැලකිය යුතු ප්‍රදේශයක කාලගුණ රටාවට බලපෑම් ඇති වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. 1850 වර්ෂයේ දී හා 2000 වර්ෂයේ දී පැවැති වායු දූෂණය පිළිබඳ දත්ත භාවිත කරමින් පරිගණක ආකෘතියක් ආශ්‍රයෙන් මේ පර්යේෂණය සිදු කර ඇත.
ආසියානු කලාපයෙන් විමෝචනය වන වායු දූෂකවල ඇතුළත් ඉතා කුඩා අංශු උතුරු පැසිෆික් ප්‍රදේශය තෙක් ගසාගෙන යැමෙන් පසු ඒවා වායුගෝලයේ ඇති ජල බිඳිති සමඟ ප්‍රතික්‍රියා කිරීම සිදු වේ. මේ නිසා වලාකුළු ඝන ව වර්ධනය වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පැසිෆික් සාගරයට ඉහළින් ඇති වන කුණාටුවල තීව්‍රතාව ඉහළ යයි. මේ කුණාටු ලෝකයේ සාමාන්‍ය පරිවහන රටාවට බලපායි. මේ නිසා ලෝකයේ වෙනත් ප්‍රදේශවල කාලගුණ රටාවේ වෙනස් වීම් ඇති වේ. මේ තත්ත්වය වඩාත් දැඩි ව දැකිය හැක්‌කේ උතුරු අර්ධගෝලයේ ශීත Rතුව පවත්නා කාලයේ දී ය. උතුරු ඇමෙරිකාව එවැනි බලපෑමක් ඇති වන ප්‍රදේශයකි. එසේ ම මේ නිසා සමස්‌තයක් ලෙස වර්ෂාපතනයේ ඉහළ යැමක් මෙන්ම හා ධ්‍රැව දෙසට තාප ප්‍රවාහනයක් ද සිදු වේ.
චීනය හා තවත් ආසියනු රටවල් ගණනාවක දැකිය හැකි දැඩි වායු දූෂණය හා එහි ප්‍රතිවිපාක කලක පටන් අවධානයට ලක් ව ඇති කරුණකි. මේ වායු දූෂක ආසියානු කලාපයෙන් ඈත ප්‍රදේශවලට පවා ගමන් කර අදාළ කලාපයෙන් පිටත ප්‍රදේශවලට පවා සැලකිය යුතු ආකාරයක බලපෑමක් සිදු කරන බවට ඇති මතයට මේ නව අධ්‍යයනයෙන් සාක්‌ෂි සපයා ඇත. මූලාශ්‍රය Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/ pnas.1403364111)
අභ්‍යවකාශ ගමන්
අභ්‍යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්‍යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්‍යවකාශයට ප්‍රචාලනය වීමට අවශ්‍ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්‍යවකාශ යානයක චලිතය ( ප්‍රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්‍යයනය කිරීම තාරකා ගති විද්‍යාව මගින් සිදු වේ. සමහර අභ්‍යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්‍යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්‍රහලෝකයක් මතට හෝ චන්ද්‍රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.
TITANOBOA [ටයිටැනොබෝවා] ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා
චීනයේ අලුත්ම අභ්‍යවකාශ ජයග්‍රහණය නව අභ්‍යවකාශ තරඟයකට මුලපිරීමක්ද?
චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද ශෙන්සු 9 නම් අභ්‍යවකාශ මොඩියුලය, චීනයටම
අයත ටියන්ගොන්ග් 1 නැමති අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලය සමග සාර්ථවක
සම්බන්ධ වී නව අභ්‍යවකාශ ජයග්‍රහණයක් ලබාගෙන ඇත. අභ්‍යවකාශයේදී යානා දෙකක්
එකිනෙක සම්බන්ධවීම (space docking) ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර දැනට
මෙම තාක්ශණික හැකියාව තිබෙන්නේ අමෙරිකාවට හා රුසියාවට පමණකි.Artificial Intelligence කෘතිම බුද්ධිය මිනිස් ජීවිතයට බලපාන ආකාර දහයක්
මේ ලිපිය විශේෂයෙන්ම වැදගත් වෙනවා උසස්පෙල තොරතුරු තාක්‍ෂණය හදාරන සිසුන් සඳහා. ඔබේ විශය නිර්දේශයේ අවසන් පාඩමේ එක් ඒකකයක් තමා Artificial Intelligence. ඒ නිසා ඔබ ඒ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි.
මේ ලිපිය ඩිස්කවරි චැනල් වෙබ් අඩවියේ, 10 Ways Artificial Intelligence Will Affect Our Lives ...
යන ලිපියේ සිංහල පරිවර්තනයයි
වර්තමානයේ පරිගණක ක්‍ෂේත්‍රයේ බහුලව භාවිත වන පදයක් තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ. ඉතින් මොකක්ද මේ කෘතිම බුද්ධිය? කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘතිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට හැකියාව තිබෙනවා මිනිසාගේ මැදිහත්වීමකින් තොරවම බාහිර පරිසරයේ වෙනස්වීම් සහ ක්‍රියාවන් තනිවම ඉගෙනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න.
මේ ලිපිය ඩිස්කවරි චැනල් වෙබ් අඩවියේ, 10 Ways Artificial Intelligence Will Affect Our Lives ...
යන ලිපියේ සිංහල පරිවර්තනයයි
වර්තමානයේ පරිගණක ක්‍ෂේත්‍රයේ බහුලව භාවිත වන පදයක් තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ. ඉතින් මොකක්ද මේ කෘතිම බුද්ධිය? කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘතිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට හැකියාව තිබෙනවා මිනිසාගේ මැදිහත්වීමකින් තොරවම බාහිර පරිසරයේ වෙනස්වීම් සහ ක්‍රියාවන් තනිවම ඉගෙනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න.
විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම
දවල් කාලයේ වේළුණු රෙදි වැලෙන් අරගෙන එක්වරම ගෙට යන්න හොඳ නෑ
නිවෙසක ගෘහණියගෙන් ඉටුවෙන වැඩ කන්දරාවකි. ආහාර පිසීම, නිවෙස
අතුපතුගෑම ආදී දහසකුත් වැඩ අතර රෙදි සෝදා වේලා ගැනීම වේළුණු රෙදි
පිළිවෙළකට අසුරා ගැනීමද වේ. දිවා කාලයේදී සෝදා ගත් රෙදි ටික වේළා ගැනීමට
ගෘහණියෝ යුහුසුළු වෙති. අව්ව හොඳින් වැටී ඇති දිනක මෙන් නොව වැසි දිනෙක
නම් රෙදි වේළා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.
“දවල් කාලෙදි වේළුණු රෙදි
“දවල් කාලෙදි වේළුණු රෙදි
භූමිකම්පා ග්‍රහයෝ සහ මහාභූත රූප
රැකගත යුතු ජීවීන් තෝරාගත යුතුව තිබේ...
ලෝකයේ ජීවත් වන ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට
ලක්‌ව ඇති බව රහසක් නො වේ. මේ ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සඳහා ලෝකය පුරා
විද්‍යාඥයින් මෙන් ම පරිසරවේදීන් ද දරන්නේ දැඩි ප්‍රයත්නයකි. එහෙත් පවත්නා
තත්ත්වය අනුව ඇතැම් ජීවී විශේෂ ඇත්තේ වඳ වී යැමට ඉතා ආසන්න තත්ත්වයක ය. මෙවැනි
පසුබිමක් තුළ කුමන ජීවී විශේෂයක් වඳ වී යැමට කෙතරම් ආසන්නව සිටින්නේ ද යන්න
දැනගැනීමට හැකි නම් එය සංරක්‌ෂණය සඳහා ප්‍රයෝජනවත් බවට සැකයක් නොමැත.
විශේෂයෙන්, සංරක්‌ෂණ කටයුතු සඳහා යොදාගත හැකි සම්පත්, ශ්‍රමය හා මූල්‍ය
ප්‍රතිපාදන සීමා සහිත වන්නේ නම් මේ දැනුම භාවිතයෙන් වඩා සාර්ථක ලෙස සංරක්‌ෂණය
කළ හැකි විශේෂ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ හැකි ය.
ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද? විද්‍යාත්මක ප්‍රජාව තවත් කඹ ඇදිල්ලක
මේ සමාජයේ බොහෝ දෙනා අතර පැතිර යන රාවයකි. මේ මතය තහවුරු කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ද අපේ මාධ්‍යවලින් පළ වේ. මේ දිනවල අකුණු පිළිබඳ ලොකු උනන්දුවක් පවතී. හැම වසරක ම අප්‍රේල් ආශ්‍රිත කාලවකවානුවේ විශාල අකුණු මරණ ගණනක් වාර්තා වේ.
පරිසර හිතකාමී "හරිත" තෑගි තෝරාගැනීම
ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සැම ද්‍රව්‍යයකට ම පාරිසරික පියසටහනක් ඇත. මේ නිසා අප ලබා දෙන ත්‍යාගයක පරිසර පියසටහන පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය. ඒ නිසා ත්‍යාග තේරීමේ දී පාරිසරික බලපෑම සාපේක්‌ෂ ව අඩු ත්‍යාගයක් තෝරාගැනීම අපේ පරිසර හිතවාදී බව පෙන්වා දිය හැකි ක්‍රමයකි. ඒවා පාරිසරික ත්‍යාග (eco-friendly gifts) හෝ හරිත ත්‍යාග (green gifts) ලෙස හැඳින්වේ.
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී කැමරාවට හසුවුනු දුර්ලභ තල්මස් සටන!
පසුගිය වසරේ 2013 අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතපුම් 10ක් පමණ ඈතින් කුඩා බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියා. සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු, පරිසරවේදියෙකු හා වෘත්තීය චිත්‍රපට හා ඡායාරූප ශිල්පියෙකුද වන හයින්රික්ස් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ මිරිස්සට ඈත මුහුදේ දක්නට ලැබෙන දුර්ලභ නිල් තල්මසුන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහායි.
වසර 40,000ක් පැරණි ගුහා සිතුවම් සොයා ගැනේ!
ස්පාඥ්ඥයේ ගුහාවකින් හමුවී ඇති ආදිමානව ගුහා චිත්‍ර වසර 40,000 පැරණිබව
සොයාගෙන ඇත. කාබන් කාළ නිර්ණ ක්‍රමයට වඩා අලුත් ක්‍රමයක් වන යුරේනියම් කාළ
නිර්ණ ක්‍රමය මගින් චිත්‍ර ඇඳ තිබෙන කාළය නිර්ණය කරගෙන තිබෙන අතර ඒවා
විද්‍යඥයින් අනුමාන කලාට වඩා වසර 15,000 පැරණි බව දැන් පිලිගන්නට සිදුවී
ඇත.







