රූපාලංකරණ සැත්කම් විද්‍යාත්මක පදනමක්‌ තිබේ ද?

රූපාලංකරණ සැත්කම් විද්‍යාත්මක පදනමක්‌ තිබේ ද? 



 අප්‍රිකාවේ Zambei ගංගාවේ ඉවුරක වෙසෙන බනොකා නැමති ගෝත්‍රයේ යමකු ගේ ඉදිරිපස දත් ගළවා නැත්නම් ඔහු සැලකෙන්නේ කැත පුද්ගලයකු ලෙසිනි. එනිසා ම ඔහු ගේ ගෝත්‍රයේ සිටින රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් ගේ මූලික කාර්යය වූයේ තමන් වෙත එන අය ගේ දත් ලස්‌සනට ගලවා දැමීමයි. අද අපේ රටේ සිටින ඇතැම් අය මේ ලෙස දත් ගලවාගන්නේ නැතත් ඊට වඩා ලොකු විපත් ශරීරයටත් ආර්ථිකයටත් කරගනිති. ලස්‌සන වන්නට ගොස්‌ ජීවිතය අහිමි කරගත් වෛද්‍යවරිය ගේ කතාව අද කාටත් රහසක්‌ නො වේ. මේ රූපලාවන්‍ය කටයුත්තකට යොමු වීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු තැනැත්තිය නො වේ. මීට පෙරත් මේ විදිහේ එන්නත් විෂ වීමෙන් හෝ සැත්කම් වැරැදීමෙන් හෝ කීප දෙනෙක්‌ මරු දුට හ. මේ ලෙස වටිනා ජීවිත විනාශ වී යැමට හේතුව රූපාලංකරණයේ වරද ද? නොඑසේ නම් රූපාලංකරණය වැරැදි ආකාරයට වටහාගැනීම ද? මේ ප්‍රශ්නය පැති කිහිපයකින් ම විග්‍රහ කරලීමට පුළුවන. එලෙස කරන විග්‍රහයක දී මතු වන මූලික ම ප්‍රශ්නයක්‌ වන්නේ රූපාලංකරණය නැමැති විෂයය විද්‍යාත්මක දෙයක්‌ ද යන්නයි. මන්ද යත් මෙලෙස මේ ශල්‍යකර්මවල නියෑළෙන බොහෝ දෙනා පවසන්නේ ඒවායේ විද්‍යාත්මක පදනමක්‌ පවතින බවයි. අනෙක්‌ අතට පසුගිය කාලය තුළ රූපාලංකාර සැත්කම් කරගෙන මිය ගිය කීප දෙනකු ම අදාළ සැත්කම් කරවාගෙන තිබුණේ බටහිර වෛද්‍යවරුන් වෙතිනි. මෙනිසා ම කෙනෙකු තුළ මේ දේවල විද්‍යාත්මක පදනමක්‌ ඇතැයි යන අදහස මතු වන්නට පුළුවන. එම බටහිර වෛද්‍යවරුන් ගෙන් සමහරකු සැබැවින් ම බටහිර වෛද්‍ය උපාධි ලබා ඇතැම් විට පිටරටවල පවා සේවය කළා යෑයි අඟවන අය වෙති. ජනමාධ්‍ය මගින් මෙවැනි වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාරවලට සුවිශාල ප්‍රසිද්ධියක්‌ ද ලබා දී තිබිණි. මෙහි දී ද විද්‍යාත්මක පදනම යන්න මෙවැනි අය ගේ සහායට පැමිණෙයි. මන්ද යත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි පැහැදිලිව ම විද්‍යාත්මක නො වන ප්‍රතිකාර විධිවලට නො ලැබෙන ඉහළ ප්‍රසිද්ධියක්‌ මෙවැනි විද්‍යාත්මක යෑයි කියාගන්නා ප්‍රතිකාරවලට ලබාගත හැකි බැවිනි.

ඉවත දමන දෙයින් නිර්මාණයක්‌ කරමු

  ඉවත දමන දෙයින් නිර්මාණයක්‌ කරමු 





   එදිනෙදා ජීවිතයේ දී අපේ නිවෙස්‌වල භාවිත කරන බොහෝ දේ භාවිතයෙන් පසුව ඉවත දැමීම සාමාන්‍යයෙන් සිදු වේ. එසේ ම ඇතැම් අවශ්‍යතා සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන සමහර ද්‍රව්‍යවල කොටස්‌ ඒ සඳහා හොඳ ම විකල්පය ලෙස දක්‌වා ඇත්තේ ප්‍රතිභාවිතය හා ප්‍රතිචක්‍රිකරණයයි. මේ සම්බන්ධව අප හරිත තීරය ඔස්‌සේ වරින් වර පෙන්වා දී ඇත. එහෙත් ඇතැම් දේ ප්‍රතිභාවිතය කළ නොහැකි අවස්‌ථාවල දී අපට ම ඒවා යොදාගනිමින් වෙනත් ද්‍රව්‍යයක්‌ නිර්මාණය කළ හැකි ය. එසේ ම ඇතැම් දේ ආරක්‌ෂිත ලෙස ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ නොහැකි අවස්‌ථාවල දී ද මෙය හොඳ විකල්පයකි. 

 මේ ආකාරයෙන් අප නිෂ්පාදනය කරන්නේ එය කලාත්මක නිර්මාණයක්‌, සෙල්ලම් බඩුවක්‌ හෝ වෙනත් එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන දෙයක්‌ ද විය හැකි ය. මෙවර හරිත තීරය වෙන් කරන්නේ එවැනි දේ සම්බන්ධව ම`දක්‌ සාකච්ඡා කිරීමට ය. නිර්මාණාත්මක සිතිවිලි හා හැකියාව මේ සඳහා අවශ්‍ය වන්නේ කිසියම් නිර්මාණාත්මක සිතිවිල්ලක්‌ හා හැකියාවකි. ලෝකයේ බොහෝ රටවල ළමයින් අතර මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන්නේ එය ඔවුන් ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම සඳහා ද උපකාරී වන නිසා ය. එය ඔවුන්ට විනෝදයක්‌ මෙන්ම අධ්‍යාපනයක්‌ ද ලබා දෙන්නකි. එය සම්පත් ඉතිරි කිරීමට මෙන්ම අපද්‍රව්‍ය ජනනය අවම කිරීම පිණිස ද ප්‍රයෝජනවත් වේ. එසේ ම, මෙවැනි නිර්මාණ ම`ගින් බොහෝ විට ආදායම් උපදවන පිරිස්‌ අපේ රටේ ද සිටිති. ඊට අවශ්‍ය වන්නේ කිසියම් උසස්‌ ගුණාත්මක බවකින් යුක්‌ත නිර්මාණයක්‌ සිදු කිරීම ය. එසේ ම ඇතැම් විට මේවා මුදල් ඉතිරි කරනු ලබන දේ ද වෙයි. 

වැස්ස ගැන කියන අනාවැකි ඇත්තක්ද???


ම් අදනම් වහිවි වගේ.....‍මේ වගේ නොයේකුත් ආකාරයේ අනාවැකි අපේ පැරණි සමාජයේ වගේම වර්තමානයෙත් දක්නට ලැබෙනවා..ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්නයි අද සුදානම.......
 


සාම්ප්‍රදායික දැනුම භාවිතයෙන් දිගුකාලීන කාලගුණ තත්ත්වය පිළිබඳව අනාවැකි පැවසීම අපේ රටේ ද දැකිය හැකි වේ. එහෙත් මේ දැනුම අප අතරින් ක්‍රමයෙන් ඈත් වෙමින් යමින් පවත්නා බව ගොවීන් සමඟ සාකච්ඡා කරන විට පැහැදිලි වන කරුණකි. ඊට විවිධ හේතු බලපා ඇති බව දැකිය හැකි ය. එක්‌ හේතුවක්‌ වි ඇත්තේ මේ සාම්ප්‍රදායික අනාවැකි පවසන නිරීක්‌ෂණ හෙවත් දර්ශක වර්තමාන පාරිසරික වෙනස්‌ වීම් හමුවේ ඇතැම් විට වෙනස්‌ වී තිබිය හැකි වීම නිසා ඒවායේ නිරවද්‍යතාව සම්බන්ධව යම් යම් ගැටලු ඇති වීම ය. මේ තත්ත්වය ලෝකයේ වෙනත් රටවලින් ද වාර්තා වී ඇත. මේ තත්ත්වය පිළිබඳව අප 2013 ජුනි මස 19 වන දින විදුසර පුවත්පත ඔස්‌සේ සාකච්ඡා කළේ සාම්ප්‍රදායික දැනුම යොදාගෙන දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම පිළිබඳව විමසිය යුතු ය යන අදහස ස්‌ථාපිත කරමිනි.