මුදල් ඉතිරි කරගන්න සරල ක්‍රම ටිකක්..





අද කාලේ කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් මේ  ගැන කියන්න.



වර්තමානය වන විට ලෝක ආර්ථීකත එක්කම දිනපතාම භාණ්ඩ මිල ද ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මුදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනුගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මුදල් ඉතිරියක් කළ හැකි වේ.

ඔබේ දත් දෙපළ රැක ගන්න මේ උපදෙස් පිළිපදින්න




ඔබේ දත් දෙපළ රැක ගන්න මේ උපදෙස් පිළිපදින්න


 

දත්වලට සිදුවන අනතුරුවලට අමතරව දරුවන්ගේ දත් ආරක්ෂා කරගැනීමද ඉතාවැදගත් වෙනවා. දරුවගේ දත් දිනපතා දවසට දෙවරක්වත් ෆෝලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් මැදිය යුතුයි. දත් දිරායාම වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ හොඳින් දත් පිරිසිදු කිරීමයි. එමෙන්ම පැණි රස කෑම හැකි පමණ සීමා කිරීමත් වැදගත්.

ළමයින් යොදාගත් අසැබි වෙබ් අඩවි සෙවුම් අහුරමින් අන්තර්ජාලයේ හැරවුම් ලක්ෂයකට Google පා තබයි

   ළමයින් යොදාගත් අසැබි වෙබ් අඩවි සෙවුම් අහුරමින් අන්තර්ජාලයේ හැරවුම් ලක්ෂයකට Google පා තබයි



        ළමා අපයෝජනය සඳහා හේතු වන ආකාරයෙන් අන්තර්ජාලයට මුදාහැර තිබෙන වෙබ් අඩවි අවහිරයට ලක්කිරීමට තම සමාගම කටයුතු යොදා තිබෙන බව ගූගල් සභාපති එරික් ෂෙමිඩ්ට් පෙරේ දා අනාවරණය කළා. ඊට අදාළව නවතම පරිගණක වැඩසටහනක් ද ඔවුන් නිපදවලා. මෙය ඉංගීසි භාෂාවය යොගෙන අන්තර්ජාලය භාවිත කරන රටවල් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබෙන බව සභාපතිවරයා පවසනවා.

New Tech for Envirment


පරිසරය වෙනුවෙන් "නූතන තාක්‌ෂණය"



වර්තමාන ලෝකය තාක්‌ෂණික වශයෙන් බොහෝ සේ ඉදිරියට ගොස්‌ තිබේ. මේ නිසා අපේ ජීවිත පහසු කරගැනීම සඳහා අපි විවිධ තාක්‌ෂණය හා තාක්‌ෂණික මෙවලම් භාවිත කරමු. පරිගණක, ඩිජිටල් කැමරා, ස්‌මාර්ට්‌ දුරකථන මෙවැනි මෙවලම් අතර වේ. අප භාවිත කරන නූතන තාක්‌ෂණයක්‌ ලෙස අන්තර්ජාලය හැඳින්විය හැකිය. මේ උපකරණ හා මෙවලම් අපේ ජීවිතවලට කෙතරම් සමීප ද යත්, මේ අප ගත කරන්නේ "ඩිජිටල් අවධියක්‌" සේ ඇතැම් විට දක්‌වා තිබේ.

රූපාලංකරණ සැත්කම් විද්‍යාත්මක පදනමක්‌ තිබේ ද?

රූපාලංකරණ සැත්කම් විද්‍යාත්මක පදනමක්‌ තිබේ ද? 



 අප්‍රිකාවේ Zambei ගංගාවේ ඉවුරක වෙසෙන බනොකා නැමති ගෝත්‍රයේ යමකු ගේ ඉදිරිපස දත් ගළවා නැත්නම් ඔහු සැලකෙන්නේ කැත පුද්ගලයකු ලෙසිනි. එනිසා ම ඔහු ගේ ගෝත්‍රයේ සිටින රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් ගේ මූලික කාර්යය වූයේ තමන් වෙත එන අය ගේ දත් ලස්‌සනට ගලවා දැමීමයි. අද අපේ රටේ සිටින ඇතැම් අය මේ ලෙස දත් ගලවාගන්නේ නැතත් ඊට වඩා ලොකු විපත් ශරීරයටත් ආර්ථිකයටත් කරගනිති. ලස්‌සන වන්නට ගොස්‌ ජීවිතය අහිමි කරගත් වෛද්‍යවරිය ගේ කතාව අද කාටත් රහසක්‌ නො වේ. මේ රූපලාවන්‍ය කටයුත්තකට යොමු වීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු තැනැත්තිය නො වේ. මීට පෙරත් මේ විදිහේ එන්නත් විෂ වීමෙන් හෝ සැත්කම් වැරැදීමෙන් හෝ කීප දෙනෙක්‌ මරු දුට හ. මේ ලෙස වටිනා ජීවිත විනාශ වී යැමට හේතුව රූපාලංකරණයේ වරද ද? නොඑසේ නම් රූපාලංකරණය වැරැදි ආකාරයට වටහාගැනීම ද? මේ ප්‍රශ්නය පැති කිහිපයකින් ම විග්‍රහ කරලීමට පුළුවන. එලෙස කරන විග්‍රහයක දී මතු වන මූලික ම ප්‍රශ්නයක්‌ වන්නේ රූපාලංකරණය නැමැති විෂයය විද්‍යාත්මක දෙයක්‌ ද යන්නයි. මන්ද යත් මෙලෙස මේ ශල්‍යකර්මවල නියෑළෙන බොහෝ දෙනා පවසන්නේ ඒවායේ විද්‍යාත්මක පදනමක්‌ පවතින බවයි. අනෙක්‌ අතට පසුගිය කාලය තුළ රූපාලංකාර සැත්කම් කරගෙන මිය ගිය කීප දෙනකු ම අදාළ සැත්කම් කරවාගෙන තිබුණේ බටහිර වෛද්‍යවරුන් වෙතිනි. මෙනිසා ම කෙනෙකු තුළ මේ දේවල විද්‍යාත්මක පදනමක්‌ ඇතැයි යන අදහස මතු වන්නට පුළුවන. එම බටහිර වෛද්‍යවරුන් ගෙන් සමහරකු සැබැවින් ම බටහිර වෛද්‍ය උපාධි ලබා ඇතැම් විට පිටරටවල පවා සේවය කළා යෑයි අඟවන අය වෙති. ජනමාධ්‍ය මගින් මෙවැනි වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාරවලට සුවිශාල ප්‍රසිද්ධියක්‌ ද ලබා දී තිබිණි. මෙහි දී ද විද්‍යාත්මක පදනම යන්න මෙවැනි අය ගේ සහායට පැමිණෙයි. මන්ද යත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි පැහැදිලිව ම විද්‍යාත්මක නො වන ප්‍රතිකාර විධිවලට නො ලැබෙන ඉහළ ප්‍රසිද්ධියක්‌ මෙවැනි විද්‍යාත්මක යෑයි කියාගන්නා ප්‍රතිකාරවලට ලබාගත හැකි බැවිනි.

ඉවත දමන දෙයින් නිර්මාණයක්‌ කරමු

  ඉවත දමන දෙයින් නිර්මාණයක්‌ කරමු 





   එදිනෙදා ජීවිතයේ දී අපේ නිවෙස්‌වල භාවිත කරන බොහෝ දේ භාවිතයෙන් පසුව ඉවත දැමීම සාමාන්‍යයෙන් සිදු වේ. එසේ ම ඇතැම් අවශ්‍යතා සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කරන සමහර ද්‍රව්‍යවල කොටස්‌ ඒ සඳහා හොඳ ම විකල්පය ලෙස දක්‌වා ඇත්තේ ප්‍රතිභාවිතය හා ප්‍රතිචක්‍රිකරණයයි. මේ සම්බන්ධව අප හරිත තීරය ඔස්‌සේ වරින් වර පෙන්වා දී ඇත. එහෙත් ඇතැම් දේ ප්‍රතිභාවිතය කළ නොහැකි අවස්‌ථාවල දී අපට ම ඒවා යොදාගනිමින් වෙනත් ද්‍රව්‍යයක්‌ නිර්මාණය කළ හැකි ය. එසේ ම ඇතැම් දේ ආරක්‌ෂිත ලෙස ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ නොහැකි අවස්‌ථාවල දී ද මෙය හොඳ විකල්පයකි. 

 මේ ආකාරයෙන් අප නිෂ්පාදනය කරන්නේ එය කලාත්මක නිර්මාණයක්‌, සෙල්ලම් බඩුවක්‌ හෝ වෙනත් එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන දෙයක්‌ ද විය හැකි ය. මෙවර හරිත තීරය වෙන් කරන්නේ එවැනි දේ සම්බන්ධව ම`දක්‌ සාකච්ඡා කිරීමට ය. නිර්මාණාත්මක සිතිවිලි හා හැකියාව මේ සඳහා අවශ්‍ය වන්නේ කිසියම් නිර්මාණාත්මක සිතිවිල්ලක්‌ හා හැකියාවකි. ලෝකයේ බොහෝ රටවල ළමයින් අතර මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන්නේ එය ඔවුන් ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම සඳහා ද උපකාරී වන නිසා ය. එය ඔවුන්ට විනෝදයක්‌ මෙන්ම අධ්‍යාපනයක්‌ ද ලබා දෙන්නකි. එය සම්පත් ඉතිරි කිරීමට මෙන්ම අපද්‍රව්‍ය ජනනය අවම කිරීම පිණිස ද ප්‍රයෝජනවත් වේ. එසේ ම, මෙවැනි නිර්මාණ ම`ගින් බොහෝ විට ආදායම් උපදවන පිරිස්‌ අපේ රටේ ද සිටිති. ඊට අවශ්‍ය වන්නේ කිසියම් උසස්‌ ගුණාත්මක බවකින් යුක්‌ත නිර්මාණයක්‌ සිදු කිරීම ය. එසේ ම ඇතැම් විට මේවා මුදල් ඉතිරි කරනු ලබන දේ ද වෙයි. 

වැස්ස ගැන කියන අනාවැකි ඇත්තක්ද???


ම් අදනම් වහිවි වගේ.....‍මේ වගේ නොයේකුත් ආකාරයේ අනාවැකි අපේ පැරණි සමාජයේ වගේම වර්තමානයෙත් දක්නට ලැබෙනවා..ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්නයි අද සුදානම.......
 


සාම්ප්‍රදායික දැනුම භාවිතයෙන් දිගුකාලීන කාලගුණ තත්ත්වය පිළිබඳව අනාවැකි පැවසීම අපේ රටේ ද දැකිය හැකි වේ. එහෙත් මේ දැනුම අප අතරින් ක්‍රමයෙන් ඈත් වෙමින් යමින් පවත්නා බව ගොවීන් සමඟ සාකච්ඡා කරන විට පැහැදිලි වන කරුණකි. ඊට විවිධ හේතු බලපා ඇති බව දැකිය හැකි ය. එක්‌ හේතුවක්‌ වි ඇත්තේ මේ සාම්ප්‍රදායික අනාවැකි පවසන නිරීක්‌ෂණ හෙවත් දර්ශක වර්තමාන පාරිසරික වෙනස්‌ වීම් හමුවේ ඇතැම් විට වෙනස්‌ වී තිබිය හැකි වීම නිසා ඒවායේ නිරවද්‍යතාව සම්බන්ධව යම් යම් ගැටලු ඇති වීම ය. මේ තත්ත්වය ලෝකයේ වෙනත් රටවලින් ද වාර්තා වී ඇත. මේ තත්ත්වය පිළිබඳව අප 2013 ජුනි මස 19 වන දින විදුසර පුවත්පත ඔස්‌සේ සාකච්ඡා කළේ සාම්ප්‍රදායික දැනුම යොදාගෙන දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම පිළිබඳව විමසිය යුතු ය යන අදහස ස්‌ථාපිත කරමිනි.

අනාගත බලශක්‌ති උල්පතක්‌ විය හැකි ක්‍ෂුද්‍රජීවී ඉන්ධන කෝෂය (Microbial Fuel Cell)



මේ වන විට ලෝකයේ පවතින ෆොසිලවලින් ලැබෙන ඉන්ධන ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එය අවසාන වීමේ ප්‍රවනතාවක්‌ වේ. මේ පිළිබඳව අවධානය යොමු වී ඇති අතර ෆොසිල ඉන්ධනවල අඩුව පිරිමැසීමට හැකි එක්‌ බලශක්‌ති උත්පාදකයක්‌ පමණක්‌ පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි ය.

මේ වන විට ක්‌ෂුද්‍රජීවීන් විශේෂයක්‌ වන බැක්‌ටීරියා භාවිතයෙන් අපද්‍රව්‍ය සහ ජෛව ස්‌කන්ධවලින් විදුලිය නිපදවීමට ඇති හැකියාව පිළිබඳව වැඩිදුර විමසිලිමත් වී තිබේ. ඒ අනුව මෑත දී සොයා ගෙන ඇති Geobacter Sulfurreducens KN400 බැක්‌ටීරියා විශේෂය මඟින් ඉහළ විදුලිබලයක්‌ උපදවන බව පෙන්වා දී තිබේ.

ක්‍ෂුද්‍රජීවීන් පරිවෘත්තිය මඟින් විදුලි ධාරාවක්‌ ලෙස ශක්‌තිය උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව බොහොමයක්‌ පර්යේෂකයන් ප්‍රකාශන ඉදිරිපත් කර තිබේ. මේ සොයා ගැනීම් දිරි ගන්නාසුලු අතර අනාගතයේ තිරසාර බලශක්‌ති උත්පාදනයේ දී ක්‌ෂුද්‍රජීවී ඉන්ධන කෝෂ තාක්‌ෂණය (Microbial Fuel Cell Technology (MFC) වැදගත් මෙහෙයක්‌ කරනු ඇතැයි බලවත් විශ්වාසයක්‌ ගොඩනැඟී තිබේ.

විභාග භීතිකාවට පිළියම්


විභාගයක්‌ ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක්‌ ඇත sවේ. මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ. අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත්තේ මෙසේ ඇති වන බිය නිසා විභාගය අසාර්ථක වීම මෙන්ම හිසරදය, චර්ම රෝග හා මානසික පීඩා ද ඇති විය හැකි බවයි. ඇතැම් දරුවන් ගේ මතකය මේ බිය නිසා බිංදුවට බසින අවස්‌ථා ද ඇත. එනිසා කෙනකු විභාග භීතිකාව යනු කුමක්‌ දැයි හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. අනෙක්‌ අතට බියක්‌ ඇති වූවා කියා විභාගය මඟහැර යන්නට අපට නොහැකි ය. එසේ වුව හොත් පාඩු වන්නේ අපට ම ය. එනිසා කළ යුතු වන්නේ විභාගය හැර දමා පලා යැම නො ව බිය පරාද කිරීම ය.

ඇතැම් විට ඉතා හොඳින් පංතියේ වැඩ කරන සැබෑ කැප වීමක්‌ ඇති දරුවකුට පවා විභාග බිය ඇති විය හැකි ය. විභාග බිය හේතු කීපයක්‌ නිසා ඇති විය හැකි ය. පළමුවැන්න නිසි ලෙස සූදානම් නො වීමයි. දෙවැන්න විෂය කරුණු නිසි ලෙස පරිහරණය කරන්නට නො ලැබීමයි. තෙවැන්න තමා අන් අය විසින් විනිශ්චයට බඳුන් කරනු ලබතැයි යන සිතිවිල්ලයි. මවුපියන් තමා ගැන තබන ලද විශ්වාසය බිඳ වැටේ ද යන්න නිතර සිතීමෙන් ද දරුවෝ විභාග භීතියක්‌ ඇති කරගනිති. විභාග භීතිකාව ඇති වන තව ක්‍රමයක්‌ වන්නේ සම වයසේ මිතුරු මිතුරියන් ගේ කතාබහයි. 



පුනරාගමනය විද්‍යා ප්‍රබන්ධ 2 කොටස





ජනේලය තුළින් පෙනෙන හරිතවත් තුරුලතා කලාපය හා නිල්වන් ගුවන් ගැබ එකට එක්‌ වන ක්‍ෂිතිජ රේඛාව දෙස බලා සිටි දහම්ට ඇති වූයේ, ඉතා ම තෘප්තිමත් හැ`ගීමකි. තම රට වෙනුවෙන් තමා ගේ යුතුකම ඉටු කොට අවසන් ය යන සිතිවිල්ල ඔහු ගේ මනසට ගෙන ආවේ සැහැල්ලුවක්‌ මෙන් ම ආත්ම තෘප්තියකි. තම තරුණ විය කැප කරමින් අනෙකුත් දේශප්‍රේමී බුද්ධිමතුන් පිරිස හා එක්‌ ව සිදු කළ මහා බුද්ධි සංග්‍රාමයෙන් අද ලංකාව ජය ලබා ඇත. එම සංග්‍රාමයේ සංධිස්‌ථානයන් නැවත නැවත ආවර්ජනය කිරීම දහම්ට ඉතා ප්‍රිය කටයුත්තකි. හෙතෙම සිය සිත කාලය ඔස්‌සේ අතීතය කරා මෙහෙයවූයේ එබැවිනි.

පුනරාගමනය-විද්‍යා ප්‍රබන්ධය 01 කොටස



මහාචාර්ය්‍ය දහම් විඡේවර්ධන සිය අසුනින් නැඟී සිටියේ, බොහෝ වේලාවක්‌ පරිගණකය දෙස බලා සිටීමෙන් වෙහෙසට පත් සිය දැසට විවේකයක්‌ දෙනු සඳහා ය. හෙතෙම සිය කාර්යාල කාමරයේ වූ ජනෙල් පෙළ වෙත ගොස්‌ ඉන් පිටත පෙනෙන ලොව දෙස නෙත් යොමු කළේ ය. එසේ කාර්යාලයේ ජනේලයෙන් පිටත බලන සැම විට ම පාහේ සිදු වන අයුරින් ඔහු වෙතින් අද ද සුසුමක්‌ පිට විය.

අද දිනය ක්‍රි.ව. 2040 අප්‍රේල් 27 වැනි දා ය. මීට දශක දෙකකට පමණ පෙර මිනිසා අනාගතය පිළිබඳ ඉතා අප්‍රසන්න සිහින දුටුවේ ය. ජීවයට අහිතකර වාතයෙන් ආරක්‍ෂා වීමට ශ්වසනාධාරක වෙස්‌මුහුණු පැළඳ උෂ්ණාධික කොන්ක්‍රීට්‌ වනාන්තරයක විවිධාකාරයේ යන්ත්‍ර-සූත්‍ර අතර ජීවත් වීම සිය ඉරණම වෙතැ'යි මිනිසා බිය විය. තුන්වැනි ලෝක යුද්ධයෙන් පසු ලොව බොහෝ රටවල් එම ඉරණම අත්පත් කොටගෙන කාලයක්‌ දුක්‌ විඳ, අවසානයේ ආර්ථික ව අස්‌ථාවර ව, සාගත හා වසංගත නිසා විනාශයට පත් විය. එහෙත්, දේශප්‍රේමිත්වයෙන් එක්‌ වූ බුද්ධිමත් මිනිසුන් කිහිප දෙනකු ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ ලෙස අද ශ්‍රී ලංකාව එම අවාසනාවන්ත ඉරණමෙන් මිදී ඇත.

අද ශ්‍රී ලංකාවේ පවතින මේ සුන්දර පරිසරයත්, ස්‌ථාවර ආර්ථිකයත්, සාමූහික ජන සමාජයත් දැන් සාමාන්‍ය දේ බවට පත් ව ඇත. මේ තත්ත්වයට රට ගෙන ඒමට කළ කැපවීම් බොහෝ දෙනකුට දැන් අමතක ව ඇතත්, එම මහා සමාජ විප්ලවයේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළ මහාචාර්ය්‍ය දහම්ට එම තීරණාත්මක කාල පරිච්ඡේදය අමතක කළ නො හැකි ය. සිය කාර්යාලයේ ජනේලයෙන් ඉවත බලන සැම මොහොතක ම සිය කාර්යභාරය සාර්ථක ව ඉටු වී ඇතැ'යි යන සැනසිලිදායක සිතිවිල්ල නිසා ඔහු ගේ සිත සැහැල්ලු වේ.



Zඇළ සහ අපේ පැරැණි ඇළ


අරලගංවිල ප්‍රදේශයේ Z ඇළට රෝද දෙකේ ට්‍රැක්‌ටරයක්‌ පෙරැළී මහ විනාශයක්‌ වූයේ මේ නොබෝදා ය. මීට පෙර ද මෙවැනි ඇළවලට වාහන පෙරැළී මිනිස්‌ ජීවිත අහිමි විය.

නූතන වාරි ඉංජිනේරු විද්‍යාවට අනුව ඇළක්‌ යනු තැනකින් තැනකට වාරි ජලය ගෙන යන ක්‍රමවේදයයි. මෙහි දී ජලය උපරිම ඉක්‌මනින් මාර්ගයේ දී පසට කාන්දු නො වී කෙටි ම ම`ග

සතුන්ට හිතවත් ගෙවත්තක්‌


විවිධ සතුන්, සමනළයන් හා සියොතුන් දැකීමට අපි ස්‌වාභාවිකව කැමැත්තක්‌ දක්‌වන්නෙමු. එය පරිසරය කෙරේ මිනිසා නිසගයෙන් දක්‌වන ආකර්ෂණයේ ශේෂයක්‌ සේ සැලකිය හැකි ය. ග්‍රාමීය හෝ නාගරික ප්‍රදේශයක සිටිය ද, අපේ ගෙවත්තේ පවා ඔවුන් දැකගැනීමට අපි කැමැත්තෙමු.

මේ ආකාරයෙන් ගෙවතුවලට ආකර්ෂණය වන සත්ත්ව විශේෂ අතර විවිධ පක්‌ෂි විශේෂ, සමනළයන් වැනි අපෘෂ්ඨවංශීන් ද ලේනුන් වැනි කුඩා ක්‌ෂීරපායින් ද වඩාත් සුලබ ය. පක්‌ෂීන් ගේ විචිත්‍රත්වය හා නාදයත්, සමනළයන් ගේ වර්ණවත් බවත්, ලේනුන් වැනි සතුන් ගේ හැසිරීමත් නිසා ඔවුන් අපේ ගෙවත්තට කිසිදු බාධාවකින් තොර ව පැමිණිය හැකි සත්ත්ව කාණ්‌ඩ අතරට වැටේ. එසේ ම කටුස්‌සන් වැනි තවත් හිතකර සතුන් බොහොමයක්‌ ද අපේ ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි ය. වඳුරන් හා රිලවුන් වැනි ඇතැම් සතුන් කරදරකාරී සේ සැලකීමට ඇතැමුන් පුරුදු වී සිටිය ද, ඔවුන් ද මිහි මව ගේ පරිසරයේ වාසය කිරීමට අයිතියක්‌ ඇති ජීවීන් වන බව අප අමතක නො කළ යුතු ය. මේ සියලු සතුන් වාසය කරන්නේ ඔවුන් ගේ ස්‌වාභාවික පරිසරයේ ය.

මේ නිසා ගෙවත්තක්‌ නිර්මාණයේ දී මෙන්ම පවත්වාගැනීමේ දී ද එවැනි සතුන්ට හිතකර ආකාරයෙන් එය නිර්මාණය කළ හැකි ය. එවැනි සරල ක්‍රියාකාරකම් කිහිපයක්‌ අද හරිත තීරයෙන් කෙටියෙන් විස්‌තර කරමු.



චර්නොබිල් විකිරණවල බලපෑම ක්‌ෂුද්‍ර ජීවීන්ටත්


1986 වර්ෂයේ දී ඇති වූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුරෙන් පිට වූ විකිරණ පසේ වෙසෙන ක්‌ෂුද්‍ර ජීවීන්ට ද බලපා ඇති ආකාරය පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. මේ බලපෑම නිසා ඒ ප්‍රදේශයේ පසේ පවත්නා ශාක පත්‍ර හා වෙනත් ද්‍රව්‍ය ඇතුළත් කාබනික ද්‍රව්‍ය ජීරණය වීමේ වේගය අඩු වී ඇත.

පළමු පිපිරීමෙන් විනාශ වූ ගස්‌ වසර දශක දෙකකටත් පමණ කාලයකට පසුව පවා හොඳ තත්ත්වයෙන් පැවතීම නිරීක්‌ෂණය කිරීමෙන් පසු මේ පර්යේෂකයන් ප්‍රදේශයේ ශාක ද්‍රව්‍ය ජීරණය වීමේ වේගය පිළිබඳව අවධානය යොමු කර ඇත. විකිරණ බලපෑමට ලක්‌ නො වූ පයින් ශාක පත්‍ර භාවිත කරමින් හා පසේ ඇති ජීරණය නො වූ ද්‍රව්‍ය ස්‌ථරය පිළිබඳ ව ඔවුන් සිදු කළ අධ්‍යයනයක දී හෙළි ව ඇත්තේ විකිරණ ප්‍රමාණය අධික පරිසරයක දී කාබනික ද්‍රව්‍ය ජීරණය අඩු බවයි. මේ සම්බන්ධ ව ඔවුන් ගේ නිගමනය වන්නේ විකිරණ ම`ගින් දූෂිත වූ පරිසරයක දී ශාක ද්‍රව්‍ය ජීරණය සඳහා හේතු වන බැක්‌ටීරීයා හා දිලීරවල ක්‍රියාකාරීත්වයට බලපෑමක්‌ වන බවයි.

මේ ආකාරයෙන් ශාකමය ද්‍රව්‍ය ජීරණය වීමේ වේගය අඩු වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මේ වියළී ගිය ද්‍රව්‍ය පහසුවෙන් වන ගිනිවලට ලක්‌ වීමේ අවදානමක්‌ තිබේ. එය ප්‍රදේශයේ ඇති විකිරණශීලී ද්‍රව්‍ය අවට පිහිටි වෙනත් ප්‍රදේශවලට පවා ව්‍යාප්ත වීමේ තර්ජනයක්‌ ඇති කරයි. (මූලාශ්‍රය Oecologia, DOI: 10.1007/s00442-014- 2908-8 )

ආසියාවේ වායු දූෂණයෙන් කාලගුණයට බලපෑම්


ආසියානු රටවල දැකිය හැකි වායු දූෂණය නිසා ලෝකයේ උතුරු අර්ධගෝලයේ සැලකිය යුතු ප්‍රදේශයක කාලගුණ රටාවට බලපෑම් ඇති වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. 1850 වර්ෂයේ දී හා 2000 වර්ෂයේ දී පැවැති වායු දූෂණය පිළිබඳ දත්ත භාවිත කරමින් පරිගණක ආකෘතියක්‌ ආශ්‍රයෙන් මේ පර්යේෂණය සිදු කර ඇත.

ආසියානු කලාපයෙන් විමෝචනය වන වායු දූෂකවල ඇතුළත් ඉතා කුඩා අංශු උතුරු පැසිෆික්‌ ප්‍රදේශය තෙක්‌ ගසාගෙන යැමෙන් පසු ඒවා වායුගෝලයේ ඇති ජල බිඳිති සමඟ ප්‍රතික්‍රියා කිරීම සිදු වේ. මේ නිසා වලාකුළු ඝන ව වර්ධනය වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස පැසිෆික්‌ සාගරයට ඉහළින් ඇති වන කුණාටුවල තීව්‍රතාව ඉහළ යයි. මේ කුණාටු ලෝකයේ සාමාන්‍ය පරිවහන රටාවට බලපායි. මේ නිසා ලෝකයේ වෙනත් ප්‍රදේශවල කාලගුණ රටාවේ වෙනස්‌ වීම් ඇති වේ. මේ තත්ත්වය වඩාත් දැඩි ව දැකිය හැක්‌කේ උතුරු අර්ධගෝලයේ ශීත Rතුව පවත්නා කාලයේ දී ය. උතුරු ඇමෙරිකාව එවැනි බලපෑමක්‌ ඇති වන ප්‍රදේශයකි. එසේ ම මේ නිසා සමස්‌තයක්‌ ලෙස වර්ෂාපතනයේ ඉහළ යැමක්‌ මෙන්ම හා ධ්‍රැව දෙසට තාප ප්‍රවාහනයක්‌ ද සිදු වේ.

චීනය හා තවත් ආසියනු රටවල් ගණනාවක දැකිය හැකි දැඩි වායු දූෂණය හා එහි ප්‍රතිවිපාක කලක පටන් අවධානයට ලක්‌ ව ඇති කරුණකි. මේ වායු දූෂක ආසියානු කලාපයෙන් ඈත ප්‍රදේශවලට පවා ගමන් කර අදාළ කලාපයෙන් පිටත ප්‍රදේශවලට පවා සැලකිය යුතු ආකාරයක බලපෑමක්‌ සිදු කරන බවට ඇති මතයට මේ නව අධ්‍යයනයෙන් සාක්‌ෂි සපයා ඇත. මූලාශ්‍රය Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/ pnas.1403364111)

අභ්‍යවකාශ ගමන්

අභ්‍යවකාශ චාරිකා යනු අභ්‍යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්‍යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි.
අභ්‍යවකාශ චාරිකා, අභ්‍යවකාශ ගවේෂණයට මෙන්ම අභ්‍යවකාශ විනෝද ගමන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්‍යවකාශ ගමන්වලට අභ්‍යවකාශ ගවේෂණය චන්ද්‍රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ද ඇතුළත් වේ.
අභ්‍යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්‍යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්‍යවකාශයට ප්‍රචාලනය වීමට අවශ්‍ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්‍යවකාශ යානයක චලිතය ( ප්‍රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්‍යයනය කිරීම තාරකා ගති විද්‍යාව මගින් සිදු වේ. සමහර අභ්‍යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්‍යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්‍රහලෝකයක් මතට හෝ චන්ද්‍රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.

TITANOBOA [ටයිටැනොබෝවා] ප්ලියෝසීන යුගයේ විසූ ලොව විශාලතම සර්පයා


බෝවා (Boa) යනු දකුණු ඇමරිකාවේ ඇමේසන් වනාන්තරයේ ජීවත් වන විශාල සර්ප විශේෂයකි. බෝවා කොන්ස්ට්‍රික්ටර් හා ඇනකොණ්ඩා බෝවා කුළයට අයත් වන අතර මොවුන් සියල්ලම විෂ රහිත, තම ගොදුරු මිරිකා පොඩිකොට ගිල දමන විශාල සර්ප වර්ගයකි. අප දන්නා පිඹුරාද (python) ගොදුරු මිරිකා ගිලදමන සර්පයෙකු වන නමුත් ඔවුන් ජීවත් වන ප්‍රදේශ හා වර්ගයා බෝ කිරීම අතින් වෙනස්ය. බෝවා වර්ගයේ සර්පයින් ජීවී පැටවුන් බිහිකරන අතර පිඹුරන් බිත්තර දමයි. 


චීනයේ අලුත්ම අභ්‍යවකාශ ජයග්‍රහණය නව අභ්‍යවකාශ තරඟයකට මුලපිරීමක්ද?



චීනය විසින් අභ්‍යවකාශගත කරන ලද ශෙන්සු 9 නම් අභ්‍යවකාශ මොඩියුලය, චීනයටම අයත ටියන්ගොන්ග් 1 නැමති අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුලය සමග සාර්ථවක සම්බන්ධ වී නව අභ්‍යවකාශ ජයග්‍රහණයක් ලබාගෙන ඇත. අභ්‍යවකාශයේදී යානා දෙකක් එකිනෙක සම්බන්ධවීම (space docking) ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර දැනට මෙම තාක්ශණික හැකියාව තිබෙන්නේ අමෙරිකාවට හා රුසියාවට පමණකි.

Artificial Intelligence කෘතිම බුද්ධිය මිනිස් ජීවිතයට බලපාන ආකාර දහයක්




මේ ලිපිය විශේෂයෙන්ම වැදගත් වෙනවා උසස්පෙල තොරතුරු තාක්‍ෂණය හදාරන සිසුන් සඳහා. ඔබේ විශය නිර්දේශයේ අවසන් පාඩමේ එක් ඒකකයක් තමා Artificial Intelligence. ඒ නිසා ඔබ ඒ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි. 

මේ ලිපිය ඩිස්කවරි චැනල් වෙබ් අඩවියේ,  
10 Ways Artificial Intelligence Will Affect Our Lives ...  
යන ලිපියේ සිංහල පරිවර්තනයයි

වර්තමානයේ පරිගණක ක්‍ෂේත්‍රයේ බහුලව භාවිත වන පදයක් තමා 
Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය කියන්නේ. ඉතින් මොකක්ද මේ කෘතිම බුද්ධිය? කෙටියෙන් පැවසුවොත් පස්වන පරම්පරාවේ පරිගණක හෙවත් රොබෝ තාක්‍ෂණයෙහි තමා Artificial Intelligence නැත්නම් කෘතිම බුද්ධිය දක්නට ලැබෙන්නේ. කෘතිම බුද්ධිය ඇති උපකරණයකට පුළුවන්, තමා අවට පරිසරයේ සිදුවන ක්‍රියාවන් සහ වෙනස් වීම් හඳුනාගෙන එම ක්‍රියාවන් සහ වෙනස්වීම්වලට හැඩගැසී සාර්ථකව ප්‍රතිචාර දක්වන්න. ඉතිං මේ උපකරණවලට හැකියාව තිබෙනවා මිනිසාගේ මැදිහත්වීමකින් තොරවම බාහිර පරිසරයේ වෙනස්වීම් සහ ක්‍රියාවන් තනිවම ඉගෙනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න.

විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම



විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුමඅමෙරිකානු අජටාකාශගාමීන් ඇපලෝ යානාවලින් හඳට ගිය 1969-72 වකවානුවේ අපේ රටේ ගම් හා නගරවල ආඩම්බරයෙන් කියැවුණු ගී පදයක් තිබුණා. ‘‘පස් පාටියෙ ලොක්කා අපේ කොල්ලෙක්.....කියවන්න නාලක ගුණවර්ධන රාවය පුවත්පතට ලියු මේ සටහන   

දවල් කාලයේ වේළුණු රෙදි වැලෙන් අරගෙන එක්වරම ගෙට යන්න ‍හොඳ නෑ

නිවෙසක ගෘහණියගෙන් ඉටුවෙන වැඩ කන්දරාවකි. ආහාර පිසීම, නිවෙස අතුපතුගෑම ආදී දහසකුත් වැඩ අතර රෙදි සෝදා වේලා ගැනීම වේළුණු රෙදි පිළිවෙළකට අසුරා ගැනීමද වේ. දිවා කාලයේදී සෝදා ගත් රෙදි ටික වේළා ගැනීමට ගෘහණියෝ යුහුසුළු වෙති. අව්ව හොඳින් වැටී ඇති දිනක මෙන් නොව වැසි දිනෙක නම් රෙදි වේළා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.
“දවල් කාලෙදි වේළුණු රෙදි 


භූමිකම්පා ග්‍රහයෝ සහ මහාභූත රූප


භූමි කම්පා යන්න අද වන විට තීරණාත්මක මාතෘකාවක්‌ බවට පත් වී ඇත. භූමිකම්පා ඇති වන වාර ගණන සහ ඒවායේ තීව්‍රතාව මෑතක සිට වැඩි වී ඇත් ද යන්න නිශ්චිතව නො දැනෙන නමුත් එමගින් ඇති වන විනාශයන් නම් පැහැදිලි ව ම වැඩි වී ඇත. 



භූමිකම්පාවල වාර ගණන සහ තීව්‍රතාව වෙනස්‌ නො වුණ ද එමගින් වන විනාශය වැඩි වීම කෙරෙහි නූතන සංවර්ධන මාදිලිය හේතු වනවා නොඅනුමාන ය. මේ සංවර්ධන මාදිලිය තුළ සිදු කෙරෙන ඉදිකෙරුම් සහ අනෙක්‌ අංගෝපාංග භූමිකම්පා, සුනාමි වැනි දෙයක දී ඒවාට නම්‍යශීලීව මුහුණ දිය හැකි පරිදි නිමැවූ දෑ නො වේ. සමාජ-ආර්ථික සංවර්ධන රාමුවේ එක්‌ තැනක සිදු වන කඩා වැටීමක්‌ සමස්‌තය පුරා වේගයෙන් පැතිර ගොස්‌ මහා විනාශයක්‌ සිදු වේ. භූමිකම්පාවල ඇති ෙ€දනීය තත්ත්වය වන්නේ නූතන බටහිර විද්‍යා-තාක්‌ෂණයට ඒවා පිළිබඳව කිසිදු අනාවැකියක්‌ පළ කිරීමට නොහැකි වීම ය. මෙහි දී මුළු බටහිර විද්‍යා තාක්‌ෂණය ම අඳුරේ අතපතගෑමකට හසු වේ. භූමිකම්පා (සහ අනතුරුව සුනාමි) ඇති වන අයුරු පැහැදිලි කළ හැකි වුවත් ඒවායේ කාලවකවානු කිසිසේත් ප්‍රකාශ කළ නොහැකිය.

අපේ පෙළොව භූ තැටි කිහිපයකින් සමන්විත බවත් ඒවා පොළොව මධ්‍යයේ ඇති ද්‍රව ගතියෙන් යුත් මාධ්‍යයේ පා වන බවත් සඳහන් ය. මෙසේ ගමන් කිරීමේ දී මේවා එකිනෙක ගැටීමේ දී භූමිකම්පා ඇති වේ. එසේ ම මේ තැටි එක මත එක තද වී යම් වික්‍රියාවකට බඳුන් වී තිබී හදිසියේ මේ වික්‍රියා ශක්‌තිය මුදා හළ විට ද මේ භූ තැටි ගැස්‌සීම නිසා ද භූමිකම්පා ඇති වේ. එහෙත් මේ කිසිවක්‌ පිළිබඳ නිශ්චිතව කාල වකවානු ප්‍රකාශ කළ නොහැකි ය. අවම වශයෙන් සංඛ්‍යානය මත පදනම් වූ හෝ පිළිගත හැකි අනාවැකි ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක්‌ තවමත් බටහිර විද්‍යා-තාක්‌ෂණය තුළ නැත.

භූමිකම්පාවක්‌ සාගර පත්ලේ සිදු වූ විට සුනාමි තත්ත්වයක්‌ ඇති විය හැකි ය. එනම් සාගර ජලය කැළඹීමට පත් වේ. මේ කැළඹීම විශාල තරංග ආයාම සහිතව (එහෙත් කෙටි විස්‌තාර සහිතව) සැම දිශාවකට ම සාගරය ඔස්‌සේ ගමන් ගනී. ගොඩබිමක්‌ හමු වූ විට ජලයේ ගැඹුර අඩු වීමත් සමග තරංගයේ වේගය බාල වී විස්‌තාරය වැඩි වී උස්‌ ජල කඳක්‌ ලෙස ගොඩබිමට කඩා වදී. සුනාමි රළ පහර යනු එයයි. සාගර පතුලේ භූ කම්පනයක්‌ වූ විට සුනාමි තත්ත්වය පිළිබඳව සහ අදාළ කාල වකවානු නම් සෑහෙන නිවැරැදිව ප්‍රකාශ කළ හැකි ය.

රැකගත යුතු ජීවීන් තෝරාගත යුතුව තිබේ...

ලෝකයේ ජීවත් වන ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වඳවීමේ තර්ජනයට ලක්‌ව ඇති බව රහසක්‌ නො වේ. මේ ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයින් මෙන් ම පරිසරවේදීන් ද දරන්නේ දැඩි ප්‍රයත්නයකි. එහෙත් පවත්නා තත්ත්වය අනුව ඇතැම් ජීවී විශේෂ ඇත්තේ වඳ වී යැමට ඉතා ආසන්න තත්ත්වයක ය. මෙවැනි පසුබිමක්‌ තුළ කුමන ජීවී විශේෂයක්‌ වඳ වී යැමට කෙතරම් ආසන්නව සිටින්නේ ද යන්න දැනගැනීමට හැකි නම් එය සංරක්‌ෂණය සඳහා ප්‍රයෝජනවත් බවට සැකයක්‌ නොමැත. විශේෂයෙන්, සංරක්‌ෂණ කටයුතු සඳහා යොදාගත හැකි සම්පත්, ශ්‍රමය හා මූල්‍ය ප්‍රතිපාදන සීමා සහිත වන්නේ නම් මේ දැනුම භාවිතයෙන් වඩා සාර්ථක ලෙස සංරක්‌ෂණය කළ හැකි විශේෂ පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කළ හැකි ය. 

ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද? විද්‍යාත්මක ප්‍රජාව තවත් කඹ ඇදිල්ලක


"ජංගම දුරකථනවලට අකුණු වදිනවා".... "ජංගම දුරකථන රැගෙන යැම අකුණු මරණවලට හේතුවක්‌"....ජංගම දුරකථන රැගෙන යැම නිසා අකුණු වදින්නට වැඩි ඉඩකඩක්‌ තිබෙනවා"....

මේ සමාජයේ බොහෝ දෙනා අතර පැතිර යන රාවයකි. මේ මතය තහවුරු කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ද අපේ මාධ්‍යවලින් පළ වේ. මේ දිනවල අකුණු පිළිබඳ ලොකු උනන්දුවක්‌ පවතී. හැම වසරක ම අප්‍රේල් ආශ්‍රිත කාලවකවානුවේ විශාල අකුණු මරණ ගණනක්‌ වාර්තා වේ.

පරිසර හිතකාමී "හරිත" තෑගි තෝරාගැනීම

විවිධ අවස්‌ථාවල දී හිතවතුන්ට හා ඥාතීන්ට ත්‍යාග ලබා දීමට අපි කැමැත්තෙමු. විවාහය, උපන්දින සැමරුම් ආදී සුවිශේෂ අවස්‌ථාවල දී ද, අලුත් අවුරුද්ද වැනි උත්සවවල දී ද, ගෙට ගෙවැදීම් හා ව්‍යාපාර ආරම්භය වැනි අවස්‌ථාවල දී මෙසේ විවිධ ත්‍යාග ලබා දෙමු. එය අපේ හිතවත් බව පවසන ක්‍රමයකි.

ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන සැම ද්‍රව්‍යයකට ම පාරිසරික පියසටහනක්‌ ඇත. මේ නිසා අප ලබා දෙන ත්‍යාගයක පරිසර පියසටහන පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් ය. ඒ නිසා ත්‍යාග තේරීමේ දී පාරිසරික බලපෑම සාපේක්‌ෂ ව අඩු ත්‍යාගයක්‌ තෝරාගැනීම අපේ පරිසර හිතවාදී බව පෙන්වා දිය හැකි ක්‍රමයකි. ඒවා පාරිසරික ත්‍යාග (eco-friendly gifts) හෝ හරිත ත්‍යාග (green gifts) ලෙස හැඳින්වේ.



කුඩා ළමුන්ගේ ආදරණීය කාටූන් චරිතයක් වන මිකී මවුස්ගේ මුහුණට සමාන හැඩයක් ඇති අවාටයක් බුද ග්‍රහයා මතින් සොයාගැනේ.

බුද ග්‍රහයා වටා කක්ශගතවී සිටින නාසා ආයතනයේ "මැසෙන්ජර්" නම් අභ්‍යවකාශ යානය මෙම අපූරු ආවාටයේ ඡායාරූපය එවා ඇත. 2011 මාර්තුවේ සිට බුද ග්‍රහයා ඡායාරූපගත කරමින් සිටින මැසෙන්ජර් යානය බුදගේ පෘශ්ඨය සිතුවම් ගතකිරීමේ කටයුතුවලට සහයවෙයි.


ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී කැමරාවට හසුවුනු දුර්ලභ තල්මස් සටන!



පසුගිය වසරේ 2013 අප්‍රියෙල් 18 දින උදය කාළයේ ෂෝන් හයින්රික්ස්, සිය සිය සගයින් කිහිපදෙනෙකු කැටුව ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළට සැතපුම් 10ක් පමණ ඈතින් කුඩා බෝට්ටුවකින් යාත්‍රා කරමින් සිටියා. සමුද්‍ර ජීවවිද්‍යාඥයෙකු, පරිසරවේදියෙකු හා වෘත්තීය චිත්‍රපට හා ඡායාරූප ශිල්පියෙකුද වන හයින්රික්ස් ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ මිරිස්සට ඈත මුහුදේ දක්නට ලැබෙන දුර්ලභ නිල් තල්මසුන්ගේ ඡායාරූප ලබාගැනීම සඳහායි.


වසර 40,000ක් පැරණි ගුහා සිතුවම් සොයා ගැනේ!

ස්පාඥ්ඥයේ ගුහාවකින් හමුවී ඇති ආදිමානව ගුහා චිත්‍ර වසර 40,000 පැරණිබව සොයාගෙන ඇත. කාබන් කාළ නිර්ණ ක්‍රමයට වඩා අලුත් ක්‍රමයක් වන යුරේනියම් කාළ නිර්ණ ක්‍රමය මගින් චිත්‍ර ඇඳ තිබෙන කාළය නිර්ණය කරගෙන තිබෙන අතර ඒවා විද්‍යඥයින් අනුමාන කලාට වඩා වසර 15,000 පැරණි බව දැන් පිලිගන්නට සිදුවී ඇත.

රසායන විද්‍යාවේ හැදින්විම







රසායන විද්‍යාව, විද්‍යාවෙහි ශාඛාවකි. නූතන රසායන විද්‍යාව කේන්ද්‍රගත වී ඇත්තේ ලෝකයේ පවතින මූලද්‍රව්‍ය හා ඒවා අතර ඇති බන්ධන පිළිබඳව හැදෑරීම කෙරෙහිය. රසායනික ද්‍රව්‍ය වල සංයුතිය, ව්‍යුහය හා ගුණ සහ ඒවාට සිදුවන රසායනික විපර්යාස පිළිබඳවද රසායන විද්‍යාවෙහිදී හදාරනු ලැබේ.
In the study of matter, chemistry also investigates its interactions with energy and itself. Because of the diversity of matter, which is mostly in the form of compounds, chemists often study how atoms of differentchemical elements interact to form molecules, and how molecules interact with each other.

තීරු සංකේත කියවනය (Barcode Reader)




බර්නාඩ් සිල්වර් (Bernard Silver) සහ ජෝශප් වුඩ්ලන්ඩ් (Joseph Woodland) විසින් 1949 දී තීරු සංකේත (Barcode) ක්‍රමය  භාවිතා කර යම් කිසි භාණ්ඩයක  විස්තර ලබාගැනීම ලොවට හදුන්වා දෙන ලදී. මෙම තීරු සංකේත ක්‍රමය අද කොතරම් ප්‍රායෝගිකද යන්න අප භාවිතා කරන සෑම භාණ්ඩයකම පාහේ මෙය දක්නට ලැබීමෙන් පිළිබිඹු වේ. මෙම තීරු සංකේත ස්කෑනර (Barcode Scanner) නොතිබෙන්නට සුපිරි වෙළඳසැල් වල සහ නිමි ඇදුම් සාප්පු වල සැතපුම් ගණන් දිග පෝලිම් ඇති වීමට ඉඩ තිබිණ.
තීරු සංකේත ක්‍රමයේදී යම් කිසි භාණ්ඩයක මිල කළු සහ සුදු ඉරි පද්ධතියක් මගින් නිරූපණය කෙරේ. මෙම කළු සහ සුදු ඉරි වල පළල අනුව 0 සිට 9 දක්වා අංක 10 අර්ථ දක්වනු ලැබේ.

ඔත්තේ හා ඉරට්ටෙ


ඔත්තේ (Odd) සහ ඉරට්ටේ (Even) සංඛ්‍යා යනු බොහෝ විට ගණිතය හැදෑරීමේදී ඉගෙන ගන්නා මුල්ම සංඛ්‍යා වර්ගීකරණය. මෙහිදී දෙකෙන් බෙදීම යන කරුණ මත ‍සියළුම ගණින සංඛ්‍යා කොටස් 2කට වර්ග කෙරේ. 
ඔත්තේ සහ ඉරට්ටේ දිනවලදී වාහන ගාල් කිරීම තහනම් යැයි දැක්වෙන පාලන සංඥාවක්
යම් නිඛිල (Integer) සංඛ්‍යාවක් 2 යන සංඛ්‍යාවෙන් බෙදූවිට ශේෂය ශුන්‍ය වේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් වේ. එසේ නොමැතිව ශේෂය ලෙස ශුන්‍යය නොලැබේනම් ඒවා ඔත්තේ සංඛ්‍යා වේ. අනෙක් විශේෂත්වය ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදූ විට සෑම විටම ශේෂය ලෙස ලැබෙනුයේ එකය.
ඔත්තේ සඳහා උදාහරණ: ....., -5, -3, -1, 1, 3, 5,  .....
ඉරට්ටේ සඳහා උදාහරණ: ......, -6. -4, -2, 0, 2, 4, 6, .....
0 ත් ඉරට්ටේද? මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට අර්ථදැක්වීම (Definition) භාවිතා කල හැක. සියළුම ඉරට්ටේ සංඛ්‍යා 2හි ගුණාකාර වේ. එනම් 2 x 0 = 0 වේ. එහෙම බලනකොට 0ත් 2හි ගුණාකාරයක්. ඒක නිසා 0 ඉරට්ටේ සංඛාවක් විදියට සැලකීමට සිදු වෙනවා.
දැන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා වලට අප දන්නා මූලිකම ගණිත කර්ම සතර වන එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම යන ක්‍රියාවන්ට භාජනය කර බලමු. මෙතැන් සිට පහසුව තකා ඔත්තේ සංඛ්‍යාවක් 'ඔ' ලෙස ද ඉරට්ටේ සංඛ්‍යාවක් 'ඉ' ලෙසද සංකේතවත් කරමු. 'ඔ" සහ 'ඉ' ගැලපෙන සංඛ්‍යාවක් ආදේශ කර බැලීමට ඔබට නිදහස ඇත.

2012 දෙසැම්බර් පිට සක්වල යනා ආවාද?උල්කාපාත වැ‍ටුනද?





මේ දිනවල හිරු බැස යාමෙන් අනතුරුව බටහිර අහස් ගැබ තුළ ධනු තාරකා රටාව පසුබිම් කරගනිමින් සුළු මොහොතකට අඟහරු ග්‍රහයා දිස්වනු ඇත. එමෙන්ම රාත්‍රී 7.00 පමණ නැගෙනහිර ක්ෂිතිජය දෙසින් බ්‍රහස්පති ග්‍රහයා නිරීක්ෂණය කළ හැකි අතර රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට බ්‍රහස්පති ග්‍රහයාද අහස් ගැබ ඉහළට ගමන් කරනු ඇත. මේ මස උදය කාලයේදී හිරු නැඟීමට ප්‍රථම ගිණිකොන දිග ක්ෂිතිජය අසල අහසේ බුධ ග්‍රහයා ,සිකුරු ග්‍රහයා හා සෙනසුරු ග්‍රහයා නිරීක්ෂණය කළ හැක. තවද දෙසැම්බර් මස 3වන දින බ්‍රහස්පතී ග්‍රහයා පෘථිවියට ඉතාමත් ආසන්න වන අතර ඉතා දීප්තිමත්ව දිස්වනුඇත.මෙම අවස්ථාව බ්‍රහස්පතී ග්‍රහයා නිරීක්ෂණයට හා ඡායාරුපගත කිරීමට මහගු අවස්ථාවකි.

ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ



පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.

මෙහිදී ඔවුන්ගේ ඉන්දීය සමගාමීන් විසින් සවිස්තරාත්මකව අතින් අඳිනලද සිතියම් විමසා බැලූ ඔවුහු මෙම ඇටකටු එකිනෙකට බැඳී තිබෙන අයුරක් පිළිබිඹු කරමින් එක ළඟ වැළලී තිබී ඇති බව අනාවරණය කැර ගත්හ.මෙම අවස්ථාවේ මෙතෙක් ලොව සොයා ගෙන නැති ඩයිනෝසර් වර්ගයක ලොව සැකිලි කොටස් එහි ඇති බව අනාවරණය වූ විට ආකිමිඩීස්ගේ “යුරේකා” මොහොතක වාතාවරණය එහි ඇති වූ බව සෙරිනෝ ප‍්‍රකාශ කැර තිබේ. සෙරීනෝ, චිකාගෝ සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ මහැදුරු මෙන් ම ජාතික භූගෝලවිද්‍යා ගවේෂකයකු ද වන්නේ ය.මෙම වසර මිලියන 65 ක් පැරැණි ඇටකටු සොයාගනු ලැබ ඇත්තේ 1983 ඩයිනෝසර බිත්තර හා කූඩු සොයාගිය ගමනකදී ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සුරේශ් ශී‍්‍රවස්තවා සහ පන්ජාබ් සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ අශෝක් සහිනි විසිනි.එම පාෂාණය ඇටකටු කණින ලද බිම් කඩෙහි පිහිටි අයුරු ශි‍්‍රවස්තා විසින් සවිස්තරාත්මකව සිතියම් ගත කරනු ලැබ ඇත. ඉන්පසු මෙම ඇටකටු ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතන කාර්යාලයක ගබඩා කෙරිණි. සෙරිනෝ හා විල්සන් පැමිණෙන තුරුම ඒවා එහි පැවතිණි.ඉන්දියානු විද්‍යාඥයන් හා එක් වූ මේ දෙදෙනා මීටර් 9 (අඩි 30) ක්්දිග මෙම නව ඩයිනෝසරයාගේ හිස් කබල ප‍්‍රතිනිර්මාණය කළහ. මේ මාංශ භක්ෂකයා “ රජසෝරස් - නර්මදේන්සිස්” ලෙස නම් කෙරිණ. එහි අරුත “නර්මදා වේ රාජකීය ඩයිනෝසරයා” යන්නයි. එම ඩයිනෝසරයා එසේ නම් කෙරුණේ ඇටකටු සොයා ගැනුණු බටහිර ඉන්දීය නදී කලාපය අනුව යමිනි. මෙම කි‍්‍රයාවලියට ජාතික භූගෝලවිද්‍යා සංගමයෙන්ද සහාය ලැබී ඇත.ලෝකයේ මහාද්වීප පහේදීම නව ඩයිනෝසර් වර්ග සොයාගෙන ඇති සෙරිනෝ මෙම ඉන්දීය ඩයිනෝසර් ඇටකටු හා සැකිලි මැනවින් හඳුනා ගත්තද හිස්කබල ප‍්‍රති නිර්මාණයෙන් පසු මෙම අහිමි ඉන්දීය ඩයිනෝසරයා පිළිබඳ ඡායා මාත‍්‍රගත අවබෝධයක් ලැබූ බව කියා තිබේ. දැනටත් ජුරාසික් යුග ඩයිනෝසර් සැකිලි දෙකක් ඉන්දයාවේ සකස්කොට ඇත. මෙහිදී ඒවා තනි සැකිලි නොව තනි තනි ඇටකටු සංයෝග කිරීමෙන් තනාගත් ඒවාය.

තනි ඇටකටු මඟින්, ඉන්දියාවේ මාංශ භක්ෂක හා ශාක භක්ෂක ඩයිනෝසරයන් සිටි බව වටහාගෙන ඇතත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු වී දැයි නොදන්නේ කිසිම ඇටකටු දෙකක් එකම ඩයිනෝසරයකුට අයත් බව අනාවරණය නොවීම නිසාය. මෙහිදී රාජසොරස් වර්ගය වැදගත් වන්නේ එය ඇටසැකිල්ලේ විශාල කොටසක් විදහන අතර ඔවුන්ගේ විකාශයීය සබඳතා ඇඟවෙන විස්තර රැසක්ම සුරැකි ඇති බැවිනි.ප‍්‍රතිනිර්මාණික හිස්කබලේ සමහර කොටස් ගිලිහී ගොස් ඇතත්, අත්‍යවශ්‍ය කොටස් එහි පවතී. ඒ අනුව හකුපාඩා හා මොළ කූඩුව ඉතිරි වී ඇත. මේ රාජසෝරස් නම් ඩයිනෝසර් වර්ගය බෙහෙවින් බරය. ශක්තිමත්ය. ඒ සමගම ඌ දෙපාවලින් ඇවිද ගිය සතෙකි. ඌ නව වර්ගයක් බවට පත් කෙරෙන ශාරීරික ලක්ෂණ කීපයක් ම පවතින අතර, එහිදී වඩාත් කැපී පෙනෙන්නේ උගේ හිස මත පිහිටි අඟයි. එය බෙහෙවින් සියුම් විය හැකි අතර ඉතා කොට හා වටකුරු විය හැකිය.මෙම රාජසෝරස් මාංශ භක්ෂකයා ඩයිනෝසර් යුගයේ අවසානයට අයත් කි‍්‍රටේසියස් අවදියට අයත් වූ අතර, නර්මදා කළාපයේ සරිසැරූ ශාක භක්ෂක ඩයිනෝසරයන් වූ දිගු ගෙල සහිත ටයිටැනෝසෝර් වර්ගය ගොදුරු කැර ගත්තේ ය.මෙම ඩයිනෝසර් වර්ග දෙකේ ම ඇටකටු එකට හමු වී තිබේ. ඉන්දිය පාෂණ ධාතු විද්‍යාඥයින්ට මෑතකදී ටයිටැනෝසරයන්ගේ පාෂාණ භූත අපද්‍රව්‍ය හමුවී ඇති අතර එය ඔවුන්ගේ ආහාරය කුමක් වී දැයි ඉගි කරන්නකි.රාජසෝරස් සැකිලි සොයාගත් ප‍්‍රදේශයෙන්ම කෙරොපොඩ් ඩයිනෝසරයන්ගේ බිත්තර කීපයක් සොයගෙන ඇති නමුදු ඒවා රාජසෝරසයන්ට අයත් යැයි නිශ්චිතව කිව නොහැකිව ඇත.විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ රාජසෝරස්යන් මාංශභක්ෂක ඩයිනෝසර වර්ගයට අයත් බවය. උන්ගෙන් බහුතරයකට අඟක් තිබී ඇති අතර උන් වත්මන් මැඩගස්කරය, අපි‍්‍රකාව හා දකුණු අමෙරිකාව අයත් දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ස්කන්ධය පුරා සැරිසරා ඇත.




මහාද්වීප සියල්ල එකට එක්ව තිබුණු සමයේ ජීවත්වෙමින් පරිණාමයට ලක්ව මියගිය එකම සුවිශාල සත්වයා ඩයිනෝසරයා බවට මිනිසුන් බොහෝ දෙනකු අවබෝධ කැරගෙන නැතැයි සෙරීනෝ පවසයි.වසර මිලියන 65 කට පමණ පෙර මහා විනාශයක් සිදුවීමට මත්තෙන් විසූ අවසන් වර්ගට අයත් තත්කාලීන ටයිරැනෝ සොරස් රෙක්ස් වර්ගයට රාජසොරස් වර්ගය බෙහෙවින් සමාන වී තිබේ.ඩයිනෝසරයන් වඳ වි යාමට හේතුව මහත් විවාදයට ලක්වූවකි. එහෙත් ඉන්දියාවේ ඇටසැකිලි හමු වූ උන් වැළලුණු බිම් ප‍්‍රදේශ ඊට ඉඟියක් සපයනු වැනිය. මෙම ඩයිනෝසර සැකිලි හමු වූ අවසාධිත පාෂාණයන් ඇත්තේ පෘථිවියේ ඉකුත් වසර මිලියන 500 ක ඉතිහාසයේ වාර්තා වී ඇති විශාලම ගිනිකඳු කි‍්‍රයාවලියක් සිදුවූ ප‍්‍රදේශයක බව ෂානි කියා තිබේ.ඉන්දීය භූමියෙන් 1/3ක්ම ලාවා වලින් වැසී ඇති හෙයින් ඩයිනෝසර් ඇටකටු සොයා ගැන්ම බෙහෙවින් දුෂ්කර බවත්, අනිත් අතට ඉන්දියාව ජනාකීර්ණ රටක් වීමද ඊට බලපාන බවත්්දක්වන සෙරීනෝ පාෂාණධාතු විද්‍යාඥයකුගේ කැණීම් වලට පහසුම ස්ථානය පාළු කාන්තාර බවද පවසයි.ඩයිනෝසර පාෂාණය ධාතු සොයා ගැන්මෙන් ඉන්දියාව සෙසු මහාද්විපයන්ගෙන් වෙන්වූ ආකාරය පිළිබඳ ඇති මඳ අවබෝධය පුළුල් කරනු ඇතැයි සැලකේ. ඉන්දීය උපමහාද්වීපය පාවී ගිය කාල වකවානු මනා නිශ්චය කිරීමකට ලක්ව නැතත්, ඩයිනෝසරයන් මහාද්වීප හරහා ගමන් කළ සත්ව වර්ගයක් බැවින් මහාද්වීප ප්ලාවිතය (පාවීයාම) පිළිබඳ අධ්‍යයනයට උන් බෙහෙවින් උපකාරි වනු ඇති බව විල්සන්ගේ මතය වී තිබේ.මේ අනුව ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් කලෙකදී යා වී පැවතුණ බවට ඇති භූවිද්‍යාත්මක සාක්ෂි මැද ඩයිනෝසරයන් වර්ගයක් මෙහිද නොසිටියේ යැයි කිව හැකිද?

උපුටා ගන්නා ලද ලිපියකිත.අයිතිය මුල් හිමිකරු සතුය

පියාඹන ඩයින සෝරයෝ


රයිට් සහෝදරයන් ගුවන් යානය නිපදවන්නටත් පෙර එනම් මීට වසර මිලියන 125 කට පමණ පෙර අහසෙහි ගුවන්යානයක් මෙන් පියාසර කළ පක්ෂි විශේෂයක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. මෙම සත්වයා පක්‍ෂියෙකු යැයි කීවද වඩාත් සමීප වන්නේ ඩයිනෝසර වර්ගයටයි. මෙම ඩයිනෝසරයන් ජීවත්ව ඇත්තේ ගස් වලයි.මෙම ඩයිනෝසර විශේෂයේ පොසිල 2003 දී චීනයෙන් සොයා ගනු ලැබුවා. පියාපත් ඇති මේ සත්ව විශේෂය ‘මයික්‍රොරැප්ටර් ගයි’ යන නමින් හඳුන්වනු ලබනවා.2003 වසරේදී මෙම සත්වයාගේ පොසිල සොයා ගත්තද ඔවුන්ගේ පියෑඹීමේ කි‍්‍රයාවලිය ගැන විවිධ අය විවිධ මත දරන්නට වුණා. කෙසේ වුවද පසුගියදා කරන ලද පර්යේෂණ වලින් මෙම සතාගේ පියාසර කිරීමේ කි‍්‍රයාවලිය ගැන අලුත්ම අදහසක් ඉදිරිපත් වුණා. ඩයිනෝසර විශේෂයක් වන මෙම මයික්‍රොරැප්ටරයන් ජුරාසික යුගයේ විසූ පක්‍ෂීන්ටද නෑකම් කියන්නෙක්. කුරුලු පරිණාමයේ අතරමැදි අවධිය මෙම මයික්‍රොරැප්ටරයන් පිළිබිඹු කරන බවත් විද්‍යාඥයන් පවසනවා.

රුක්වාසීන් වන මෙම මයික්‍රොරැප්ටරයන්ගේ ශරීර ප‍්‍රමාණය සෙන්ටි මීටර් 77  ක් පමණ වෙනවා. පියාපත් ජෝඩු දෙකක් පිහිටා ඇති අතර එක් පියාපත් ජෝඩුවක් ඉදිරි ගාත‍්‍රා අතර සිරුරේ මතුපිටින්ද අනෙක් පියාපත් ජෝඩුව අපර ගාත‍්‍රා දෙක අතරේ සිරුරේ යටි පැත්තේද පිහිටා තිබෙනවා. ගස් මුදුන්වල සිට අඩි 130 ක් පමණ ඉහළ අහසේ පියාසර කිරීමේ හැකියාව මෙම ඩයිනෝසරයා සතුව තිබුණු බවත් වාර්තා වෙනවා.මුලින්ම නිර්මාණය කරන ලද ග්ලයිඩර වැනි අහස් යානාවේ අකෘතියට සමාන ආකෘතියකින් මෙම මයික්‍රොරැප්ටරයන්ගේ පියාපත් සැකසී ඇති බවයි කරන ලද පර්යේෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ. කුරුල්ලන්ගේ පරිණාමය ගැන අධ්‍යයනය කිරීමට ද මේ සොයා ගැනීම මහත් පිටිවහලක් වන බවයි විද්‍යාඥයන්ගේ අදහස වන්නේ.මහපොළොව මත දුව පැන ගිය කුඩා ඩයිනෝසරයන්ගෙන් කුරුල්ලන් පරිණාමය වන්නට ඇති බවයි ඇතැම් විද්‍යාඥයන්ගේ අදහස වන්නේ. එමෙන්ම සමහරක් පවසන්නේ රුක්වාසී ඩයිනෝසරයන්ගෙන් කුරුල්ලන් පරිණාමය වන්නට ඇති බවයි. මුලින් මෙම ඩයිනෝසරයන් මෙම පියාපත්  තම සිරුරේ  සමබරතාවය රැක ගන්නට උපකාරී කරගන්නට ඇති බවත් කල්යත්ම එම පියාපත් සැලීම මගින් වනාන්තරයේ එහා මෙහා පියාසරන්නට ඇති බවත් ඔවුන් පවසනවා.

විද්‍යාව යනු

Icon
විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි. එබැවින් විද්‍යාව උත්ස්වාභාවික සිද්ධීන් මඟහරී. විද්‍යාව යන වචනය අතීතයේ භාවිතා වී ඇත්තේ බුදු දහමේ එන අනිච්ඡ, දුක්ඛ, අනත්ථ යන ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය හැඳින්වීමටය. බුද්ධ දේශනයට අනුව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූවිට ප්‍රඥාව සහ විද්‍යාව ලැබෙයි. Science යන ඉංග්‍රීසි වචනය යටත් විජිත සමයේදී "විද්‍යාව" ලෙස වැරදියට පරිවර්ථනය කර ඇත. මෙම පැටලවිලි සහගත තත්වය විසඳීමට විද්වතුන් විසින් අනුගමනය කරණ විසඳුම් මෙසේය * 'science' යන වචනයේ සිංහල වචනය ලෙස 'බටහිර විද්‍යාව', 'නවීන විද්‍යාව', හෝ 'සයන්ස්' යන වචන 3න් එකක් භාවිතාකිරීම. * බුදු දහමේ සඳහන් විද්‍යාව හැඳින්වීමට විජ්ජා යන වචනය භාවිතාකිරීම.
කෙසේ හෝ නවීන විද්‍යාවට හැඳින්වීමට වර්තමානයේ 'විද්‍යාව' යන තනි වචනය භාවිතා වන බැවින් විකිපීඩියාවේ 'Science' නැමැති ද්වාරය හඳුන්වා ඇත්තේ 'විද්‍යාව' ලෙසිනි. නවීන විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම් * ශුද්ධ විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත නොහැකි කරුණු හැදෑරීම.) * ප්‍රායෝගික විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත හැකි කරුණු හැදෑරීම.

මෙන්න අපේ පලවෙනි පෝස්ට් එක


සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියළුම යාළුවන්ට.අද විශේෂ දවසක් මොකද කියනවනම් ,අද මම මගේ බ්ලොග් එකේ දාන පලවෙනි පෝස්ට් එක තමයි මේ.මාත් එක්ක එකතුවෙන්න කියල මම මුලින්ම හැම යා‍ළුවෙක්ටම සාදරයෙන් ඇරයුම් කරනවා.මම දැන් මගේ බ්ලොග් එක සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්.මම පලවෙනි පෝස්ට් එකෙන් බලාපොරොත්තු වුනේ ඒ දේ අන්න ඒකයි.මාත් එක්ක දිගින් දිගටම එකතුවෙන්න කියල ආරාධනා කරනවා.
අද ලෝකය ගොඩාක් වෙනස් වෙලා කියල මට හිතෙනවා.මම එතරම් වයසක කෙනෙක් නොවුනත් ලෝකය අපි කුඩා කාලයට වඩා අද ගොඩක් වෙනස්.එදා දැකපු ලෝකය නෙවෙයි අද තියෙන්නේ.ඇත්තෙන්ම කියනවා නම් අද ලෝකය මොහොතින් මොහොත වෙනස් වෙන අළුත් අළුත් දේ එකතුවෙන සමහරක් දේ නැතිවෙලා යන තවත් දේ අමතකවෙලා යන ලෝකයක්.දැන් ලෝකය ඇත්තෙන්ම විශ්ව ගම්මානයක් කිව්වොත් වඩා නිවැරදියි.
ඉතින් මම මේ අළුත් වෙන ලෝකයේ අළුත් විදු තොරතුරු එකතුකරලා තමා මම මේ බ්ලොග් එක ලියන්නෙ.ඔයාලට වැදගත්වෙන කරුණු විතරක් කෙටියෙන් ලියන්න තමා මෙතෙන්දි මගේ මුලිකම බලාපොරොත්තුව.ඒ වගේම සාහිත්‍යකාමී රසික රසිකාවියන් වෙනුවෙන් මම විද්‍යා ප්‍රබන්ධ ඉදිරිපත් කරන්නත් තීරණය කලා.
තව නොකියු දේවල් ගොඩාක් තියෙනවා.ඉතින් ඒවා ඔක්කොම මම මේ පෝස්ට් එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.මොකද එලිවෙන ජාමෙට ලු‍ නේ හොද හොද සෙල්ලම් ඉතින් අපේ මේ බ්ලොග් එකත් එක්ක දිගින් දිගටම රැදී සිටින්න කියල මම ආරාධනා කරනවා.