අද කාලේ කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ
නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක
අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් මේ ගැන කියන්න.
වර්තමානය වන විට ලෝක ආර්ථීකත එක්කම දිනපතාම භාණ්ඩ මිල ද ඉහළ යෑමත් සමගම
ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මුදලක්
ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී
අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල
ක්‍රම තිහ අනුගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මුදල් ඉතිරියක් කළ
හැකි වේ.























පිහාටු
තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත.
දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක
ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු
සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස
පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන
කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි
මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප
පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ
යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය
විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය
කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන්
ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට
ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක
ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ
මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක්
තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා
දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.

