ඉවත දමන දෙයින් නිර්මාණයක් කරමු
මේ ආකාරයෙන් අප නිෂ්පාදනය කරන්නේ එය කලාත්මක නිර්මාණයක්, සෙල්ලම් බඩුවක් හෝ වෙනත් එදිනෙදා ජීවිතයේ දී ප්‍රයෝජනවත් වන දෙයක් ද විය හැකි ය. මෙවර හරිත තීරය වෙන් කරන්නේ එවැනි දේ සම්බන්ධව ම`දක් සාකච්ඡා කිරීමට ය. නිර්මාණාත්මක සිතිවිලි හා හැකියාව මේ සඳහා අවශ්‍ය වන්නේ කිසියම් නිර්මාණාත්මක සිතිවිල්ලක් හා හැකියාවකි. ලෝකයේ බොහෝ රටවල ළමයින් අතර මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරන්නේ එය ඔවුන් ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම සඳහා ද උපකාරී වන නිසා ය. එය ඔවුන්ට විනෝදයක් මෙන්ම අධ්‍යාපනයක් ද ලබා දෙන්නකි. එය සම්පත් ඉතිරි කිරීමට මෙන්ම අපද්‍රව්‍ය ජනනය අවම කිරීම පිණිස ද ප්‍රයෝජනවත් වේ. එසේ ම, මෙවැනි නිර්මාණ ම`ගින් බොහෝ විට ආදායම් උපදවන පිරිස් අපේ රටේ ද සිටිති. ඊට අවශ්‍ය වන්නේ කිසියම් උසස් ගුණාත්මක බවකින් යුක්ත නිර්මාණයක් සිදු කිරීම ය. එසේ ම ඇතැම් විට මේවා මුදල් ඉතිරි කරනු ලබන දේ ද වෙයි.
මෙවැනි නිර්මාණයක් තෑග්ගත් ලෙස ලබා දිය හැකි නම්, එය කිසියම් පාරිසරික පණිවිඩයක් සහිත ත්‍යාගයක් ද වේ. අපට ද කළ හැකි නිර්මාණ කිහිපයක් භාවිත කළ ඇඳුම්වල කොටස්, ඉතිරි ව ඇති රෙදි කැබැලි වැනි දේ යොදා ගෙන අත් පිස්නාවක්, පා පිස්නාවක්, කුඩා බෑග් වැනි ප්‍රයෝජනවත් දේ මෙන්ම විසිතුරු මල් වැනි නිර්මාණය කිරීම. බීම බෝතලවල මූඩි මඟින් ළමා සංගීත භාණ්ඩයක් හෝ කුඩා පෙන්ඩනයක් වැනි කලාත්මක නිර්මාණය කළ හැකි ය. ඇඳුම්වලින් ඉවත ලන බොත්තම් ම`ගින් මල් පොකුරක් හෝ මාලයක් වැනි විසිතුරු නිර්මාණ කිරීම. භාවිතයෙන් ඉවත් කළ සීඩී තැටි යොදාගෙන විවිධ කලාත්මක නිර්මාණ කළ හැකි ය. වර්ණවත් කඩදාසි කැබැලි යොදාගනිමින් ද මෙවැනි විවිධ ආකාරයේ විසිතුරු නිර්මාණ කරනු ලැබේ. මේවා අතර බිත්ති සැරසිලි, විසිතුරු මල් ආදිය සුලබ ය.
ඉවත දමක කඩදාසි යොදාගනිමින් නැවත කඩදාසි නිපදවිය හැකි අතර ඒවා යොදාගනිමින් කළ හැකි නිර්මාණ බොහෝ ය. සුබපැතුම් පත්, ආරාධනා පත්, තේ කෝප්ප තබන තැටි ආදිය මෙවැනි නිර්මාණ කිහිපයකි. මේවා අලංකාර කිරීමට තවත් ඉවත දමන දේ යොදාගත හැකි ය. ඉවත දමන කුඩා ප්ලාස්ටික් බඳුන්, ප්ලාස්ටික් බෝතල හා ටින් යොදාගනිමින් විසිතුරු මල් බඳුන් වැනි විසිතුරු ද්‍රව්‍ය මෙන්ම සැබෑ මල් පැළ සිටුවිය හැකි පෝච්චි ද නිර්මාණය කළ හැකි ය. පෑන් පැන්සල් රඳවන නිර්මාණය සඳහා අලංකාර ලෙස සරසන ලද ටින්, කුඩා ප්ලාස්ටික් බඳුන්, භාවිත කළ කෝප්ප ආදිය යෝග්‍ය වේ. පරිසරයේ හමු වන සිප්පි කටු වැනි ද්‍රව්‍ය ද විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යෝග්‍ය ය. පොල් කටු මගින් විවිධ මාල, පෙන්ඩන හා විසිතුරු භාණ්ඩ වැනි කලාත්මක නිර්මාණ මෙන්ම, හැඳි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ද නිෂ්පාදනය කිරීම. දැව කර්මාන්තයේ දී ඉවත දමන දැව කොටස් ළමයින් සඳහා වූ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගත හැකි ය. රුක් මුල් කලාව අපතේ යන ද්‍රව්‍යයකින් සිදු කරන කලාත්මක නිර්මාණයක් සඳහා නිදසුනකි. පොප්සිකල්වල ඇති ලී කොටස්, බීම බෝතල් බට, කුඩා කාඩ්බෝඩ් පෙට්ටි, ඇඳුම් රඳවන, ආදිය ද මෙවැනි නිර්මාණ කළ හැකි ද්‍රව්‍ය අතර වේ. මෙවැනි නිර්මාණ සඳහා නිදසුන් වෙළෙඳපොළෙන් මෙන්ම අන්තර්ජාලයේ පහත සඳහන් වෙබ් අඩවි වැනි වෙබ් අඩවිවලින් ද ලබාගත හැකි ය.
http://familycrafts.about.com/od/environmenttheme
http://bestoutofwaste.org