ඔබේ දත් දෙපළ රැක ගන්න මේ උපදෙස් පිළිපදින්න
දත්වලට සිදුවන අනතුරුවලට අමතරව දරුවන්ගේ දත් ආරක්ෂා කරගැනීමද ඉතාවැදගත් වෙනවා. දරුවගේ දත් දිනපතා දවසට දෙවරක්වත් ෆෝලෝරයිඩ් අඩංගු දන්තාලේපයකින් මැදිය යුතුයි. දත් දිරායාම වළක්වා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ හොඳින් දත් පිරිසිදු කිරීමයි. එමෙන්ම පැණි රස කෑම හැකි පමණ සීමා කිරීමත් වැදගත්.
දත්තුල රැදෙන කෑම ඉවත්වන ලෙස හොඳින් දත් මැදීම කළ යුතුයි. එසේම මැදීමෙන් පසුවත් දත් අතර කෑම රැදෙනවා නම් එය දන්ත රෝගී තත්ත්වයක්. මේ නිසා කඩිනමින් සුදුසු දන්ත වෛද්‍යවරයෙකුගෙන් නිසි ප්‍රතිකාර ලබා ගත යුතුයි.
මුඛය යනු කෙනෙකුගේ සමස්ථ සෞඛ්යයේම කැඩපත යැයි කිවහොත් එය නිවැරදිය. ඊට හේතුව ශරීරය රෝගී කරවන සියල්ල අප ඇතුල් කරගන්නේ මුඛය හරහා වීමයි. මුඛයේ ඇති දත් ද, අපට විවිධ කාර්යයන් සඳහා උපකාරී වේ. නමුත් මෙම දත් රැක ගැනීමට අප දක්වන්නේ ඉතාමත් අඩු සැලකිල්ලකි. දත් රැකගැනීමේ කටයුත්ත පටන් ගත යුත්තේ මව්කුස තුළ සිටිය දීම බව අප ඔබට මීට පෙර කීපවතාවකදීම කරුණු ගෙන ආවා මතක ඇති.
කෙසේ වුවත් ඔබ රැකගත යුතුම වන දත්වලට ද විවිධ අනතුරු සිදු වෙයි. මුඛයට සිදුවන අනතුරු නිසා දත් කැඩී බිදී යාම මෙන්ම දත් ගැලවී යාමට ද ඉඩකඩ පවතී.
වැටීම්, ගැටුම්, හදිසි අනතුරු, ක්‍රීඩා වලදී මෙන්ම අනවශ්‍ය දෑ මුඛයේ දැමීම සහ දත්වලින් ඝන ද්‍රව්‍ය ගැලවීමට යාම වැනි (ටොනික් මූඩි) ක්‍රියාකාරකම් නිසාද දත්වලට හානි සිදු වෙයි.
අනතුරකින් ස්ථීර දත්වලට සිදුවන හානිය අවම කර ගැනීමට නම් කිරි දත් ද ආරක්ෂා කර ගත යුතු බව අපි ඔබට පසුගිය සතියේදී පෙන්වා දුන්නා.
ඒ අනුව ස්ථීර දතකට හානි සිදු වූ විටකදී අප කළ යුතු සහ නොකළ යුතු දෑ පිළිබඳවත්, අනතුරකින් හානියට පත් දතක් ආරක්ෂා කරගත යුතු ආකාරය පිළිබඳවත් මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්ත ජයසේකර මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ස්ථීර දත් වර්ධනය වූ පසු අනතුරකින් හෝ වෙනත් හේතුවක් නිසා දත ගැලවීමට සිදු වුවහොත් එම ස්ථානයේ නැවත ස්ථීර දතක් ඇතිවන්නේ නැහැ. මේ නිසා ස්ථීර දත් වැඩි අවධානයකින් රැකබලාගත යුතුයි.
ස්ථීර දතකට වන හානියකදී එම දත පෙර තත්ත්වයට ගැනීම ඉතාම අපහසු කටයුත්තක් වෙනවා.
දතක කල්ක කුහරය කොටසේ ස්නායු සහ රුධිරවාහිනී තිබෙනවා.
දතට සිදුවන අනතුරකදී එම කල්ක කුහරය දක්වාම හානි වුවහොත් දතේ පැහැය වෙනස්වීමක් සිදු වෙනවා. දත නිවැරදි ආකාරයට පෙර තිබූ ස්ථානයේම ඉතා සුරක්ෂිතව සවි කළත් දතේ පැහැය වෙනස් විය හැකියි.
කිරි දත්වල මෙන්ම දත කැඩී යාම නිසා තොල්වලට යම් බලපෑමක් වන්නේ නම් දතේ තියුණු බව අඩු කරලීමට අවශ්‍ය ප්‍රතිකාර සිදු කළ හැකියි.
ස්ථීර දතට සිදුව ඇති අනතුරේ ස්වභාවය අනුව දතට කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම විශේෂඥ දන්ත වෛද්‍යවරයා විසින් තීරණය කිරීමෙන් පසු දතට ස්නායු පිරවුමක් කිරීම වුවද කළ හැකියි. කෙසේ වුවත් දත නැවත සවි කළ නොහැකි ලෙස හානියට පත්ව ඇත්නම් දත ඉවත් කිරීම වුවද කෙරෙනවා.
අනතුරකදී දත සෙලවීමකට පමණක් ලක්ව ඇත්නම් දත නියම ස්ථානයේ තබා ඉතිරි දත්වලට සම්බන්ධ කොට දත සෙලවීම වැළැක්වීමට (ඉනතඪබඪදඨ) අවශ්‍ය පියවර ගන්නවා.
හදිසි අනතුරකදී හෝ වෙනත් අනතුරකින් මුඛයට සිදුවන අනතුරක් නිසා දතක් හෝ දත් කීපයක් ගැලවී යාමකට ලක්ව පිටතට පැමිණිය හොත් දතේ මුලින් ඇල්ලීම නොකළ යුතුයි.
දතෙහි මුල් කොටසින් ඇල්ලීම නිසා එහි ඇති සජීවි පටක කොටස් මිය යාම සිදු වෙනවා. මේ නිසා අනතුරකදී දතේ ඉහළ කොටසින් දත අල්වා භාජනයකට කෙළ පුරවා හෝ භාජනයකට එළකිරි (ජලය මිශ්‍ර නොකළ) දමා එම භාජනයේ දත බහා රෝගියා සමඟ රෝහලකට රැගෙන යාම කළ යුතුයි. එසේත් නොමැති නම් සේලයින් වතුරේ දත ගිල්වා ගෙන යාමද කළ හැකියි.
ඇල් ජලයෙන් හෝ උණු ජලයෙන් හෝ අයිස් සහිත ජලයෙන් සේදීම නොකළ යුතුයි.
දතෙහි සජීවි පටක මිය යාමකට ලක් වුවහොත් දත නැවත සවි කළද දත නියමාකාරයෙන් රඳවා තබා ගැනීමට නොහැකි වෙනවා.
විශේෂයෙන් දත ගැලවී යාමත් සමඟ දත අපිරිසිදු වී ඇත්නම් නැවත එම ස්ථානයේ දත තැබීමට උත්සාහ නොකළ යුතුයි. දත ගැලවී ගිය කුහරයේ අපිරිසිදු වූ දත, පිරිසුදු නොකොට සවි කිරීමට යාමේදී රෝගියාට විෂබීජ ඇතුල් විය හැකියි.
මේ නිසා එවැනි අවස්ථාවකදී සුදුසු ලෙස දත සකසා කඩිනමින් දන්ත වෛද්‍යරයෙකු හමුවීම හරහා දත් ආරක්ෂා කරගත හැකියි.අනතරකින් හකු ඇටයට දරුණු ලෙස හානි සිදුව ඇත්තම් විශේෂිත සැත්කමක් කළ යුතුයි. ඉන් පසු දත් සවි කිරීම කළ හැකියි. විශේෂයෙන් දත් අනතුරු අවම කර ගැනිම සඳහා අවදානම් සහිත ක්‍රියාවන්වලින් වැළකී සිටීම ඉතාම වැදගත් වෙනවා.
විශේෂයෙන් මුඛයට අනතුරු වැඩි වශයෙන් සිදුවන ක්‍රීඩා (රගර්, බොක්සිං, කරාටේ) කිරීමේදී දන්ත වෛද්‍යවරයෙකු ලවා නිසිලෙස දත් ආවරණ සාදවා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
ක්‍රීඩකයාගේ මුඛයට ගැලපෙන ආකාරයට අවශ්‍ය කරන මුඛ ආවරණ නිසිලෙස පැළඳීමෙන් මුඛ අනතුරු අවම කරගත හැකියි.<
එල
ReplyDeleteබොහොම ස්තුතියි යාළු..
Delete