06:54
   ළමයින් යොදාගත් අසැබි වෙබ් අඩවි සෙවුම් අහුරමින් අන්තර්ජාලයේ හැරවුම් ලක්ෂයකට Google පා තබයි



        ළමා අපයෝජනය සඳහා හේතු වන ආකාරයෙන් අන්තර්ජාලයට මුදාහැර තිබෙන වෙබ් අඩවි අවහිරයට ලක්කිරීමට තම සමාගම කටයුතු යොදා තිබෙන බව ගූගල් සභාපති එරික් ෂෙමිඩ්ට් පෙරේ දා අනාවරණය කළා. ඊට අදාළව නවතම පරිගණක වැඩසටහනක් ද ඔවුන් නිපදවලා. මෙය ඉංගීසි භාෂාවය යොගෙන අන්තර්ජාලය භාවිත කරන රටවල් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර තිබෙන බව සභාපතිවරයා පවසනවා.

මෙම නව තාක්ෂණික ක්‍රියාවලිය හරහා ළමා අපයෝජනය හා සම්බන්ධ වීඩියෝ සහ ඡායාරෑප මෙන්ම ඒවායේ පිටපත් සෙ වීමටයොදන සෙවුම් වදන් හඳුනාගෙන සෙවුම්
ප්‍රතිඵල හෝ අන්තර්ජා ලයේ සෙවුම් සිදුකිරීම අත්හිටුවීමයි. ලෝකයේ විශාලතම තාක්ෂ ණික සමාගම ලෙස සැලකෙන ගූගල් ඉදිරිපත් කරඇති මෙම ක්‍රියාවලිය අන්තර්ජා ල පරිහරණයේ දැවැන්ත හැරවුම් ලක්ෂයක් වෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එමෙන්ම, මයික්‍රොසො ෆ්ට්හි %බින්ග්^ සෙවුම් යන්ත්‍රය ද මේ ක්‍රියාවලියට එක්ව තිබෙනවා. මෙය සැලකිය යුතු ඉදිරි පියවරක් වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේ විඩ් කැමරන් පවා පසුගියදා එරට පුවත්පත කට කියා සිටියා. මේ නවතම පරිගණක වැඩසටහන සකස් කිරීම සඳහා ගූගල්හි තොරතුරු තාක්ෂණික විශේෂඥයින් 200 ක් සහභාගි වූ බව එරික් ෂෙමිඩ්ට් අනාවරණය කර තිබෙනවා. දැනට බ්‍රිතාන්‍යයේදී පමණක් ක්‍රියාත්ම ක අසභ්‍ය වෙ බ් අඩවි අවහිර කිරීමේ වැඩසටහන, ඉදිරි මාස හය තුළ අන්තර්ජා ල භාවිතයේ පවතින තවත් භාෂා 185ක් සඳහාද ඉදිරිපත් කරමින් ලෝකය පුරා බලපැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ලොවපුරා අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි සංඛ්‍යායාව ද දිනෙන් දින ඉහළ යාම ගූගල් සමාගම මෙවැනි පියවරක් වෙත යාම සඳහා මූලිකම හේතුව බව සභාපතිවරයා සඳහන් කළා.  ||||||

0 ප්‍රතිචාර:

Post a Comment

ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...