විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක
එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත
පදනම් වීමෙනි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක
ක්‍රමයයි. එබැවින් විද්‍යාව උත්ස්වාභාවික සිද්ධීන් මඟහරී.
විද්‍යාව යන වචනය අතීතයේ භාවිතා වී ඇත්තේ බුදු දහමේ එන අනිච්ඡ, දුක්ඛ,
අනත්ථ යන ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධය හැඳින්වීමටය. බුද්ධ දේශනයට අනුව,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩූවිට ප්‍රඥාව සහ විද්‍යාව
ලැබෙයි. Science යන ඉංග්‍රීසි වචනය යටත් විජිත සමයේදී "විද්‍යාව" ලෙස
වැරදියට පරිවර්ථනය කර ඇත. මෙම පැටලවිලි සහගත තත්වය විසඳීමට විද්වතුන්
විසින් අනුගමනය කරණ විසඳුම් මෙසේය * 'science' යන වචනයේ සිංහල වචනය ලෙස 'බටහිර විද්‍යාව', 'නවීන විද්‍යාව', හෝ 'සයන්ස්' යන වචන 3න් එකක් භාවිතාකිරීම. * බුදු දහමේ සඳහන් විද්‍යාව හැඳින්වීමට විජ්ජා යන වචනය භාවිතාකිරීම.
කෙසේ හෝ නවීන විද්‍යාවට හැඳින්වීමට වර්තමානයේ 'විද්‍යාව' යන තනි වචනය භාවිතා වන බැවින් විකිපීඩියාවේ 'Science' නැමැති ද්වාරය
හඳුන්වා ඇත්තේ 'විද්‍යාව' ලෙසිනි. නවීන විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට
බෙදා වෙන්කරයි. එනම් * ශුද්ධ විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත නොහැකි කරුණු හැදෑරීම.) * ප්‍රායෝගික විද්‍යාව (ප්‍රායෝගික භාවිතයට උදවු ගත හැකි කරුණු හැදෑරීම.
Home
»
»Unlabelled
» විද්‍යාව යනු
Subscribe to:
Post Comments (Atom)
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...