ඉන්දියාවෙත් ඩයිනෝසරයෝ
පිහාටු තිබු බවට සැලකෙන නව වර්ගයක ඩයිනෝසරයකුගේ සැකිලි ඉන්දියාවෙන් හමු වී ඇත. දැනට වසර මිලියන 65 ට පෙර සෙසු ඩයිනෝසර වර්ග ආහාරයට ගත් මේ මාංශ භක්ෂක ඩයිනෝසරයාගේ හිස මත අඟක් ද තිබී ඇති අතර ඌ මීටර් 9 ක් (අඩි 30 ක්) පමණ දිගු සතකුද වන බව මේ බව ලොවට හෙළි කරන ඉන්දීය හා අමෙරිකානු විද්‍යාඥයෝ පිරිස පවසති.මේ නව හෙළිදරව්වත් සමඟ ශී‍්‍ර ලංකාවේද ඩයිනෝසරයන් සිටින්නට ඇතැයි යන කුකුසක් මතුවීමට බොහෝ දුරට ඉඩකඩ පවතී.මෙම ඩයිනෝසරයාගේ හිස්කබලේ සැකිලි මඟින් ප‍්‍රති නිර්මාණයක් කිරීමේදී වත්මන් පිහිටීමට තුඩුදෙන පරිදි මහාද්වීප පාවීගියේ කෙසේද යන්න හා ඩයිනෝසරයන් වඳවී යාමට කුමක් හේතුවීද යන්න පිළිබඳ යම් අදහසක් ඇති කැරගත හැකි වෙතැයි සැලකේ.මීට දහඅට වසරකට පෙර ඉන්දීය විද්‍යාඥයන් විසින් එක්රැස් කරන ලද ඩයිනෝසර් ඇටකටු සම්මිශ‍්‍රණයක් අධ්‍යයනය කිරීමට 2001 දී පාෂාණීය ධාතු විද්‍යාඥ පෝල් සෙරීනෝ සහ ජෙෆ් විල්සන් ඉන්දියාවට පැමිණ විට එම ඇටකටු කාර්යාලයක බිම අතුරා තිබෙනු ඔවුනට දක්නට ලැබිණ.එම ඇටකටු තොගය මැනවින් නිරීක්ෂණය කිරීමේදී තෙරෝපොඩ් හෙවත් මාංශ භක්ෂක ඩයිනෝසරයකුගේ ඇටකටු ඒ අතරින් වෙන්කැර ගැනීමට ඔවුනට හැකි විය. උගේ හිස්කබලේ මැද කොටස සොයාගත් විට එහි මැඩගස් කර ඩයිනෝසරයන්ගේ පිහිටා ඇති පරිදි අඟක් තිබෙනු දක්නට ලැබී ඇත. තවදුරටත් සිදුකළ නිරීක්ෂණයේදී වම් උකුල් ඇටය හා දකුණු උකුල් ඇයට ද උකුල් ඇටය පිටුපස කශේරුකා කොටසද ඔවුනට හමුවිය.
මෙහිදී ඔවුන්ගේ ඉන්දීය සමගාමීන් විසින් සවිස්තරාත්මකව අතින් අඳිනලද සිතියම් විමසා බැලූ ඔවුහු මෙම ඇටකටු එකිනෙකට බැඳී තිබෙන අයුරක් පිළිබිඹු කරමින් එක ළඟ වැළලී තිබී ඇති බව අනාවරණය කැර ගත්හ.මෙම අවස්ථාවේ මෙතෙක් ලොව සොයා ගෙන නැති ඩයිනෝසර් වර්ගයක ලොව සැකිලි කොටස් එහි ඇති බව අනාවරණය වූ විට ආකිමිඩීස්ගේ “යුරේකා” මොහොතක වාතාවරණය එහි ඇති වූ බව සෙරිනෝ ප‍්‍රකාශ කැර තිබේ. සෙරීනෝ, චිකාගෝ සරසවියේ පාෂාණීය ධාතු විද්‍යාව පිළිබඳ මහැදුරු මෙන් ම ජාතික භූගෝලවිද්‍යා ගවේෂකයකු ද වන්නේ ය.මෙම වසර මිලියන 65 ක් පැරැණි ඇටකටු සොයාගනු ලැබ ඇත්තේ 1983 ඩයිනෝසර බිත්තර හා කූඩු සොයාගිය ගමනකදී ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සුරේශ් ශී‍්‍රවස්තවා සහ පන්ජාබ් සරසවියේ පාෂාණධාතු විද්‍යාඥ අශෝක් සහිනි විසිනි.එම පාෂාණය ඇටකටු කණින ලද බිම් කඩෙහි පිහිටි අයුරු ශි‍්‍රවස්තා විසින් සවිස්තරාත්මකව සිතියම් ගත කරනු ලැබ ඇත. ඉන්පසු මෙම ඇටකටු ඉන්දීය භූ විද්‍යා සමීක්ෂණ ආයතන කාර්යාලයක ගබඩා කෙරිණි. සෙරිනෝ හා විල්සන් පැමිණෙන තුරුම ඒවා එහි පැවතිණි.ඉන්දියානු විද්‍යාඥයන් හා එක් වූ මේ දෙදෙනා මීටර් 9 (අඩි 30) ක්්දිග මෙම නව ඩයිනෝසරයාගේ හිස් කබල ප‍්‍රතිනිර්මාණය කළහ. මේ මාංශ භක්ෂකයා “ රජසෝරස් - නර්මදේන්සිස්” ලෙස නම් කෙරිණ. එහි අරුත “නර්මදා වේ රාජකීය ඩයිනෝසරයා” යන්නයි. එම ඩයිනෝසරයා එසේ නම් කෙරුණේ ඇටකටු සොයා ගැනුණු බටහිර ඉන්දීය නදී කලාපය අනුව යමිනි. මෙම කි‍්‍රයාවලියට ජාතික භූගෝලවිද්‍යා සංගමයෙන්ද සහාය ලැබී ඇත.ලෝකයේ මහාද්වීප පහේදීම නව ඩයිනෝසර් වර්ග සොයාගෙන ඇති සෙරිනෝ මෙම ඉන්දීය ඩයිනෝසර් ඇටකටු හා සැකිලි මැනවින් හඳුනා ගත්තද හිස්කබල ප‍්‍රති නිර්මාණයෙන් පසු මෙම අහිමි ඉන්දීය ඩයිනෝසරයා පිළිබඳ ඡායා මාත‍්‍රගත අවබෝධයක් ලැබූ බව කියා තිබේ. දැනටත් ජුරාසික් යුග ඩයිනෝසර් සැකිලි දෙකක් ඉන්දයාවේ සකස්කොට ඇත. මෙහිදී ඒවා තනි සැකිලි නොව තනි තනි ඇටකටු සංයෝග කිරීමෙන් තනාගත් ඒවාය.
තනි ඇටකටු මඟින්, ඉන්දියාවේ මාංශ භක්ෂක හා ශාක භක්ෂක ඩයිනෝසරයන් සිටි බව වටහාගෙන ඇතත් ඔවුන්ගේ සැබෑ ස්වරූපය කෙබඳු වී දැයි නොදන්නේ කිසිම ඇටකටු දෙකක් එකම ඩයිනෝසරයකුට අයත් බව අනාවරණය නොවීම නිසාය. මෙහිදී රාජසොරස් වර්ගය වැදගත් වන්නේ එය ඇටසැකිල්ලේ විශාල කොටසක් විදහන අතර ඔවුන්ගේ විකාශයීය සබඳතා ඇඟවෙන විස්තර රැසක්ම සුරැකි ඇති බැවිනි.ප‍්‍රතිනිර්මාණික හිස්කබලේ සමහර කොටස් ගිලිහී ගොස් ඇතත්, අත්‍යවශ්‍ය කොටස් එහි පවතී. ඒ අනුව හකුපාඩා හා මොළ කූඩුව ඉතිරි වී ඇත. මේ රාජසෝරස් නම් ඩයිනෝසර් වර්ගය බෙහෙවින් බරය. ශක්තිමත්ය. ඒ සමගම ඌ දෙපාවලින් ඇවිද ගිය සතෙකි. ඌ නව වර්ගයක් බවට පත් කෙරෙන ශාරීරික ලක්ෂණ කීපයක් ම පවතින අතර, එහිදී වඩාත් කැපී පෙනෙන්නේ උගේ හිස මත පිහිටි අඟයි. එය බෙහෙවින් සියුම් විය හැකි අතර ඉතා කොට හා වටකුරු විය හැකිය.මෙම රාජසෝරස් මාංශ භක්ෂකයා ඩයිනෝසර් යුගයේ අවසානයට අයත් කි‍්‍රටේසියස් අවදියට අයත් වූ අතර, නර්මදා කළාපයේ සරිසැරූ ශාක භක්ෂක ඩයිනෝසරයන් වූ දිගු ගෙල සහිත ටයිටැනෝසෝර් වර්ගය ගොදුරු කැර ගත්තේ ය.මෙම ඩයිනෝසර් වර්ග දෙකේ ම ඇටකටු එකට හමු වී තිබේ. ඉන්දිය පාෂණ ධාතු විද්‍යාඥයින්ට මෑතකදී ටයිටැනෝසරයන්ගේ පාෂාණ භූත අපද්‍රව්‍ය හමුවී ඇති අතර එය ඔවුන්ගේ ආහාරය කුමක් වී දැයි ඉගි කරන්නකි.රාජසෝරස් සැකිලි සොයාගත් ප‍්‍රදේශයෙන්ම කෙරොපොඩ් ඩයිනෝසරයන්ගේ බිත්තර කීපයක් සොයගෙන ඇති නමුදු ඒවා රාජසෝරසයන්ට අයත් යැයි නිශ්චිතව කිව නොහැකිව ඇත.විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ රාජසෝරස්යන් මාංශභක්ෂක ඩයිනෝසර වර්ගයට අයත් බවය. උන්ගෙන් බහුතරයකට අඟක් තිබී ඇති අතර උන් වත්මන් මැඩගස්කරය, අපි‍්‍රකාව හා දකුණු අමෙරිකාව අයත් දක්ෂිණාර්ධ ගෝලීය ගොඩබිම් ස්කන්ධය පුරා සැරිසරා ඇත.
මහාද්වීප සියල්ල එකට එක්ව තිබුණු සමයේ ජීවත්වෙමින් පරිණාමයට ලක්ව මියගිය එකම සුවිශාල සත්වයා ඩයිනෝසරයා බවට මිනිසුන් බොහෝ දෙනකු අවබෝධ කැරගෙන නැතැයි සෙරීනෝ පවසයි.වසර මිලියන 65 කට පමණ පෙර මහා විනාශයක් සිදුවීමට මත්තෙන් විසූ අවසන් වර්ගට අයත් තත්කාලීන ටයිරැනෝ සොරස් රෙක්ස් වර්ගයට රාජසොරස් වර්ගය බෙහෙවින් සමාන වී තිබේ.ඩයිනෝසරයන් වඳ වි යාමට හේතුව මහත් විවාදයට ලක්වූවකි. එහෙත් ඉන්දියාවේ ඇටසැකිලි හමු වූ උන් වැළලුණු බිම් ප‍්‍රදේශ ඊට ඉඟියක් සපයනු වැනිය. මෙම ඩයිනෝසර සැකිලි හමු වූ අවසාධිත පාෂාණයන් ඇත්තේ පෘථිවියේ ඉකුත් වසර මිලියන 500 ක ඉතිහාසයේ වාර්තා වී ඇති විශාලම ගිනිකඳු කි‍්‍රයාවලියක් සිදුවූ ප‍්‍රදේශයක බව ෂානි කියා තිබේ.ඉන්දීය භූමියෙන් 1/3ක්ම ලාවා වලින් වැසී ඇති හෙයින් ඩයිනෝසර් ඇටකටු සොයා ගැන්ම බෙහෙවින් දුෂ්කර බවත්, අනිත් අතට ඉන්දියාව ජනාකීර්ණ රටක් වීමද ඊට බලපාන බවත්්දක්වන සෙරීනෝ පාෂාණධාතු විද්‍යාඥයකුගේ කැණීම් වලට පහසුම ස්ථානය පාළු කාන්තාර බවද පවසයි.ඩයිනෝසර පාෂාණය ධාතු සොයා ගැන්මෙන් ඉන්දියාව සෙසු මහාද්විපයන්ගෙන් වෙන්වූ ආකාරය පිළිබඳ ඇති මඳ අවබෝධය පුළුල් කරනු ඇතැයි සැලකේ. ඉන්දීය උපමහාද්වීපය පාවී ගිය කාල වකවානු මනා නිශ්චය කිරීමකට ලක්ව නැතත්, ඩයිනෝසරයන් මහාද්වීප හරහා ගමන් කළ සත්ව වර්ගයක් බැවින් මහාද්වීප ප්ලාවිතය (පාවීයාම) පිළිබඳ අධ්‍යයනයට උන් බෙහෙවින් උපකාරි වනු ඇති බව විල්සන්ගේ මතය වී තිබේ.මේ අනුව ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් කලෙකදී යා වී පැවතුණ බවට ඇති භූවිද්‍යාත්මක සාක්ෂි මැද ඩයිනෝසරයන් වර්ගයක් මෙහිද නොසිටියේ යැයි කිව හැකිද?
උපුටා ගන්නා ලද ලිපියකිත.අයිතිය මුල් හිමිකරු සතුය
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...