18:09







රසායන විද්‍යාව, විද්‍යාවෙහි ශාඛාවකි. නූතන රසායන විද්‍යාව කේන්ද්‍රගත වී ඇත්තේ ලෝකයේ පවතින මූලද්‍රව්‍ය හා ඒවා අතර ඇති බන්ධන පිළිබඳව හැදෑරීම කෙරෙහිය. රසායනික ද්‍රව්‍ය වල සංයුතිය, ව්‍යුහය හා ගුණ සහ ඒවාට සිදුවන රසායනික විපර්යාස පිළිබඳවද රසායන විද්‍යාවෙහිදී හදාරනු ලැබේ.
In the study of matter, chemistry also investigates its interactions with energy and itself. Because of the diversity of matter, which is mostly in the form of compounds, chemists often study how atoms of differentchemical elements interact to form molecules, and how molecules interact with each other.

 


රසායන විද්‍යාව (ඊජිප්තු බසින් keme යනු පෘථිවිය යන්නයි) යනු පදාර්ථය සෑදී ඇති ආකාරය යොදාගත හැකි ආකාර , සංයෝජනයන් ගැන හැදෑරීම මෙන්ම රසායනික ප්‍රතික්‍රියාවක අභ්‍යන්තරය හැදෑරීමයි. අතීතය දෙස හැරී බලන විට රසායන විද්‍යාව ඇල්කෙමි යුගයෙන් ඉවත්ව නූතන රසායන විද්‍යාව ආරම්භවීම 1773 දී සිදු වූ රසායන විද්‍යා විප්ලවයෙන් සිදුවුනි. රසායන විද්‍යාව යනු න්‍යෂ්ටි , පරමාණු, ස්ඵටික මෙන්ම සමස්ත පදාර්ථය පිළිබදව තනි තනිව හෝ සංයෝග වශයෙන් භෞතිකව හැදෑරීමයි. එමෙන්ම එයට ශක්තිය හා එන්ට්‍රොපි පිළිබදව සංකල්ප ද ඇතුළත් වේ.
රසායන විද්‍යාව හැදෑරීමේ පහසුව සදහා එය එහි හැසිරීම් අනුව කොටස්වලට වෙන් කර ඇත. ඒවා නම්අකාබනික රසායනය එනම් අකාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. කාබනික රසායනය , කාබනික පදාර්ථය පිළිබද හැදෑරීම. ජෛව රසායන විද්‍යාව එනම් සතුන්ගේ විවිධ පද්ධතිවලදී හමුවන රසායන ද්‍රව්‍ය පිළිබද හැදෑරීම.භෞතික රසායන විද්‍යාව පදාර්ථයේ විවිධ පද්ධතින්වලට නියමිත ප්‍රමාණවල ශක්තිය පිළිබද හැදෑරීම. ප්‍රමාණාත්මක රසායන විද්‍යාව එනම් යම්කිසි ද්‍රව්‍යයක් සෑදී අති ද්‍රව්‍ය පිළිබද හැදෑරීම හා එහි අභ්‍යන්තර ව්‍යුහය පිළිබද හැදෑරීම. එමෙන්ම තවත් බොහෝ විශේෂිත කොටස්වලට නූතනයේදී රසායන විද්‍යාව බෙදී පවතී. උදා - ස්නායු රසායන විද්‍යාව එනම් ස්නායු පිළිබදව රසායනිකව සිදු කරන හැදෑරීමයි.


රසායන විද්‍යාවේ අර්ථ දැක්වීම

අතීතය දෙස බැලීමෙන් රසායන විද්‍යාවේ අර්ථ දැක්වීම් තාක්ෂණයේ දියුණුවත් සමග හා නව ක්‍රමවේද හා සොයා ගැනීම් විද්‍යාවට එකතුවීමත් සමග වෙනස්වීම්වලට දශක ගණනාවක් ඔස්සේ ලක්ව ඇත. රසායන විද්‍යාවට සමහරක් රසායනඥයින් කිහිපයක් විසින් යෝජනා කරන ලද සම්මත අර්ථ දැක්වීම් කිහිපයක් පහත දක්වා ඇත.
ආදිරසායනය (330) - ජලයේ සංයුතිය , චලනයන් , වර්ධනය, ශරීරයට බද්ධ කිරීම,ශරීරයෙන් වෙන්කිරීම, ශරීරයෙන් ආත්මය වෙන්කිරීම හා බද්ධ කිරීම් ආදිය පිළිබඳ අධ්‍යයනය.
(Zosimos)
රසායන විද්‍යාව (1661) - භෞතික මූලධර්ම හා මිශ්‍ර වස්තූන් පිළිබඳව වූ විෂය (Boyle)
රසායන විද්‍යාව (1663) - යම් භෞතික ද්‍රව්‍යයක් දිය කිරීම, එයින් වෙනත් ද්‍රව්‍ය සොයා ගැනීම හා ඒවා වෙන්කර ඒවා උපරිම පරිපූර්ණතාවයකින් වෙන් කර ගැනීමේ විද්‍යාත්මක ක්‍රම වේදයකි. (Glaser)
රසායන විද්‍යාව (1730) - මිශ්‍රණයක් , සංයෝගයක් හෝ සමූහනය කරන ලද වස්තු ඒවායේ මූලිකයන් බවට වෙන් කිරීම හා එවැනි වස්තු මූලිකයන්ගෙන් නිපදවීමයි. (Stahl)
රසායන විද්‍යාව (1837) - අණුක බල පිළිබඳ නීති හා ක්‍රියා පිළිබදව දැඩි සැලකිල්ලක් දක්වන විද්‍යාව (Dumas)
රසායන විද්‍යාව (1947) - ද්‍රව්‍යයන්ගේ ව්‍යුහය, ඒවායේ ගුණ සහ ඒවා වෙනත් ද්‍රව්‍යවලට පරිවර්තනය වීමේ ප්‍රතික්‍රියාව පිළිබඳව වූ විද්‍යාවයි. (pauling)
රසායන විද්‍යාව (1998) - පදාර්ථය හා ඒවා වෙනස් වීමේ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයයි. (Chang)

0 ප්‍රතිචාර:

Post a Comment

ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...