
කිලෝමීටර් 343 ඉහල පෘථිවි කක්ශයේ සිදුවුනු මේ තාක්ශණික වික්‍රමය චීන
රූපවාහිණිය මගින් සජීවීව විකාශය කරන ලදී. චීනය සිය අභ්‍යවකාශ වැඩසටහනට
ඩොලර් බිලියන ගණනක ආයෝජන සිදුකරන අතර එය ඔවුන්ගේ තාක්ශණික පරිණතබව ලොවට
විදහා දක්වන අවස්ථාවක් ලෙස යොදාගෙන ඇත.
2020 වනවිට අමෙරිකාවේ ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සමාන අභ්‍යවකාශ
මධ්‍යස්ථානයක් උඩුගුවනට යැවීම චීනයේ අභ්‍යවකාශ ඉලක්කවලින් එකකි. සඳගවේශණය
සඳහා රොබෝ යානයක් යැවීම ඔවුන්ගේ තවත් ඉලක්කයකි. 2003වසරේදි මුලින්ම
මිනිසෙකු අභ්‍යවකාශයට යැවූ චීනය 2008දී මිනිසුන් 2කු සහිත යාන්නාවක්
සාර්ථකව කක්ශගත කල අතර දැන් කාන්තාවකද ඇතුලු මිනිසුන් තිදෙනෙකු අභ්‍යවකාශයට
යැවිය හැකි ලෙස ඔවුන් සිය තාක්ශණය දියුණුකරගෙන ඇත.
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...