06:07

අරලගංවිල ප්‍රදේශයේ Z ඇළට රෝද දෙකේ ට්‍රැක්‌ටරයක්‌ පෙරැළී මහ විනාශයක්‌ වූයේ මේ නොබෝදා ය. මීට පෙර ද මෙවැනි ඇළවලට වාහන පෙරැළී මිනිස්‌ ජීවිත අහිමි විය.

නූතන වාරි ඉංජිනේරු විද්‍යාවට අනුව ඇළක්‌ යනු තැනකින් තැනකට වාරි ජලය ගෙන යන ක්‍රමවේදයයි. මෙහි දී ජලය උපරිම ඉක්‌මනින් මාර්ගයේ දී පසට කාන්දු නො වී කෙටි ම ම`ග

ඔස්‌සේ අදාළ ප්‍රදේශයට යෑවීම අරමුණයි. එසේ ම මෙහි දී අවම පස්‌ ඉවත් කෙරුමකින් සහ අවම කොන්ක්‍රීට්‌ ප්‍රමාණයක්‌ යෙදීමෙන් ද ඇළ නිමවාගැනීමට උත්සාහ ගැනේ. කොන්ක්‍රීට්‌ ආස්‌තරණ නො යෙදූ ඇළවල ජලයේ වේගය එතරම් වැඩි කළ නොහැකි ය. මන්ද එවිට පස සෝදා යැම සිදු වන නිසා ය. මේ නිසා ඒවායේ දී ඇළේ ආනතිය තැබිය යුත්තේ ම`ද වශයෙනි. එසේ ම ඒවායේ දී ම`ග දී පසට ජලය කාන්දු වීම වැඩි ය. මේ අනුව ගත් කල ඒවා නූතන වාරි ඉංජිනේරු විද්‍යාවට අනුව එතරම් කාර්යක්‍ෂම ජල ප්‍රවාහ නො වේ. ජල ප්‍රවාහනය කාර්යක්‍ෂම කරගැනුම සඳහා සාමාන්‍යයෙන් ඇළ කොන්ක්‍රීට්‌ ම`ගින් ආස්‌තරණය කෙරේ. එවිට ඇළේ ආනතිය වැඩි කළ හැකි ය. එසේ ම එම ආනතිය ඔස්‌සේ යම් කාලයක දී උපරිම ජල ප්‍රමාණයක්‌ ප්‍රවාහනය කළ හැකි වන පරිදි ඇළේ හරස්‌කඩ හැඩය තීරණය කෙරේ. උපරිම ජල ප්‍රමාණයක්‌ ගෙන යා හැකි පරිදි ඇළේ හරස්‌කඩ තීරණය කළ විට බොහෝ විට එය ආස්‌තරණය සඳහා අවම කොන්ක්‍රීට්‌ ප්‍රමාණයක්‌ වැය වන හැඩය ද වේ. මෙය සාමාන්‍යයෙන් වෘත්තාකාර හැඩයකි. එහෙත් ප්‍රායෝගිකව වෘත්තාකාර හැඩ සහිත ඇළක්‌ නිමවීම අසීරු කාර්යයක්‌ නිසා ඇළවල් නිමැවීමේ දී මේ සඳහා යොදාගන්නේ ත්‍රපීසියමක හැඩයකි. (Trapezoidal shape)ග නොබෝදා විපත්තිය සිදු වූ Z ඇළ ද එවැන්නකි. මේ ඇළවල ආනතිය වැඩි අතර ඒ නිසා ම ජලයේ වේගය ද විශාල ය. ඇළේ ඉවුරු ඇළ මැදට යොමු වන පරිදි වූ ආනත තල මගින් (කොන්ක්‍රීට්‌) සමන්විත ය. මේ නිසා මෙවැනි ඇළකට යම් අයකු හෝ සතකු වැටුණ හොත් ගොඩ ඒම අසීරු ය. කොන්ක්‍රීට්‌ ආස්‌තරණය සහිත ඉවුරුවල දිය සෙවෙල බැදී ඇති අතර ඒවායේ අවට කිසිදු ගහක්‌ කොළක්‌ වැලක්‌ ද නොමැත. ඉතින් ජලයේ වේගය ද වැඩි නිසා වැටුණ අයකු නැවත ගොඩ ඒම ඉතා අහඹු සිදුවීමක්‌ වනු ඇත.