භූමි කම්පා යන්න අද වන විට තීරණාත්මක මාතෘකාවක් බවට පත් වී ඇත. භූමිකම්පා ඇති වන
වාර ගණන සහ ඒවායේ තීව්‍රතාව මෑතක සිට වැඩි වී ඇත් ද යන්න නිශ්චිතව නො දැනෙන නමුත්
එමගින් ඇති වන විනාශයන් නම් පැහැදිලි ව ම වැඩි වී ඇත.
භූමිකම්පාවල වාර ගණන සහ තීව්‍රතාව වෙනස් නො වුණ ද එමගින් වන විනාශය වැඩි වීම
කෙරෙහි නූතන සංවර්ධන මාදිලිය හේතු වනවා නොඅනුමාන ය. මේ සංවර්ධන මාදිලිය තුළ සිදු
කෙරෙන ඉදිකෙරුම් සහ අනෙක් අංගෝපාංග භූමිකම්පා, සුනාමි වැනි දෙයක දී ඒවාට
නම්‍යශීලීව මුහුණ දිය හැකි පරිදි නිමැවූ දෑ නො වේ. සමාජ-ආර්ථික සංවර්ධන රාමුවේ එක්
තැනක සිදු වන කඩා වැටීමක් සමස්‌තය පුරා වේගයෙන් පැතිර ගොස් මහා විනාශයක් සිදු
වේ. භූමිකම්පාවල ඇති ෙ€දනීය තත්ත්වය වන්නේ නූතන බටහිර විද්‍යා-තාක්‌ෂණයට ඒවා
පිළිබඳව කිසිදු අනාවැකියක් පළ කිරීමට නොහැකි වීම ය. මෙහි දී මුළු බටහිර විද්‍යා
තාක්‌ෂණය ම අඳුරේ අතපතගෑමකට හසු වේ. භූමිකම්පා (සහ අනතුරුව සුනාමි) ඇති වන අයුරු
පැහැදිලි කළ හැකි වුවත් ඒවායේ කාලවකවානු කිසිසේත් ප්‍රකාශ කළ නොහැකිය.
අපේ පෙළොව භූ තැටි කිහිපයකින් සමන්විත බවත් ඒවා පොළොව මධ්‍යයේ ඇති ද්‍රව ගතියෙන්
යුත් මාධ්‍යයේ පා වන බවත් සඳහන් ය. මෙසේ ගමන් කිරීමේ දී මේවා එකිනෙක ගැටීමේ දී
භූමිකම්පා ඇති වේ. එසේ ම මේ තැටි එක මත එක තද වී යම් වික්‍රියාවකට බඳුන් වී තිබී
හදිසියේ මේ වික්‍රියා ශක්‌තිය මුදා හළ විට ද මේ භූ තැටි ගැස්‌සීම නිසා ද භූමිකම්පා
ඇති වේ. එහෙත් මේ කිසිවක් පිළිබඳ නිශ්චිතව කාල වකවානු ප්‍රකාශ කළ නොහැකි ය. අවම
වශයෙන් සංඛ්‍යානය මත පදනම් වූ හෝ පිළිගත හැකි අනාවැකි ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක්
තවමත් බටහිර විද්‍යා-තාක්‌ෂණය තුළ නැත.
භූමිකම්පාවක් සාගර පත්ලේ සිදු වූ විට සුනාමි තත්ත්වයක් ඇති විය හැකි ය. එනම් සාගර
ජලය කැළඹීමට පත් වේ. මේ කැළඹීම විශාල තරංග ආයාම සහිතව (එහෙත් කෙටි විස්‌තාර සහිතව)
සැම දිශාවකට ම සාගරය ඔස්‌සේ ගමන් ගනී. ගොඩබිමක් හමු වූ විට ජලයේ ගැඹුර අඩු වීමත්
සමග තරංගයේ වේගය බාල වී විස්‌තාරය වැඩි වී උස් ජල කඳක් ලෙස ගොඩබිමට කඩා වදී.
සුනාමි රළ පහර යනු එයයි. සාගර පතුලේ භූ කම්පනයක් වූ විට සුනාමි තත්ත්වය පිළිබඳව සහ
අදාළ කාල වකවානු නම් සෑහෙන නිවැරැදිව ප්‍රකාශ කළ හැකි ය.
භූකම්පනයක් ඇති වන අයුරු සහ එවැන්නක් ඇති වූ පසු සිදු වන දේ නිව්ටෝනීය
යාන්ත්‍රිකය තුළ පැහැදිලි කළ හැකි ය. සුනාමි රළ ඇති වීම ද පැහැදිලි කළ හැකි ය.
එහෙත් නිව්ටෝනීය යාන්ත්‍රිකයට භූකම්පා ඇති වීමට පෙර ඒ බැව් ප්‍රකාශ කළ නොහැකි ය. ඒ
ඇයි? ඇත්තට ම නිව්ටෝනීය යාන්ත්‍රිකයට පැහැදිලි කළ හැක්‌කේ අප එදිනෙදා භෞතික පරිසරයේ
බොහෝ මතුපිට සිදුවීම් පමණ ය. යම් යම් සිදුවීම්වලට හේතු කවරේ දැයි දිගින් දිගට ම
විමර්ශනය කළ හොත් එක් සීමාවකින් පසුව නිව්ටෝනීය යාන්ත්‍රිකයට පිළිතුරු නැත.
නිව්ටෝනීය යාන්ත්‍රිකයට පැහැදිලි කළ හැක්‌කේ යම් යම් දේ සිදු වූ පසු සිදු වන දේ පමණ
ය. උදාහරණයක් ලෙස යම් ගොඩනැඟිල්ලක ව්‍යqහය කඩා වැටීම සලකමු. මේ සඳහා හේතුව ව්‍යqහය
මත ඇති වූ බල නිසා ඇති වූ ආතති, වික්‍රියා ලෙස අපට කිව හැකි ය. එහෙත් මේ ආතති,
වික්‍රියා නිසා ව්‍යqහය මෙ ආකාරයට බිඳ වැටුණේ ඇයි? මේ ආතති, වික්‍රියා නිසා අදාළ
පැලුම් මේ ආකාරයට ම ඇති වූයේ ඇයි?
රෑපය 3
මේ සඳහා ඇතැම් විට අදාළ ව්‍යqහයේ ද්‍රව්‍යවල ගුණ දුර්වල වී පැවැති බව පැවසෙනු ඇත.
ඉතින් මේ ගුණ මෙලෙස දුර්වල වූයේ ඇයි? විශේෂයෙන් ද්‍රව්‍යවල ගුණ වෙනස් වීම පිළිබඳව
නිව්ටෝනීය යාන්ත්‍රිකයට හොඳ පැහැදිලි කිරීම් නැත. මෙහි දී ද්‍රව්‍යවල ගුණ යනුවෙන්
ගැනෙන්නේ යං මාපාංකය, පොයිසන් අනුපාතය, දුස්‌ස්‍රාවීතාව, පෘෂ්ඨක ආතතිය ආදියයි. යම්
ද්‍රව්‍යයක මේ ගුණවල වෙනස් වීම, හැසිරවීම බටහිර භෞතික විද්‍යාවට එතරම් ගෝචර නැත. ඒ
පිළිබඳ නිව්ටන් චලිත, බල නියම මෙන් නිශ්චිත පැහැදිලි සමීකරණ නැත. ඉතින් ද්‍රව්‍යවල
ගුණ වෙනස් වීම මේ විද්‍යාවට එතරම් හොඳින් විස්‌තර කළ නොහැකි වුවත් එසේ වෙනස් වූ
පසු යාන්ත්‍රිකව සිදු වන දේ හොඳින් පැහැදිලි කළ හැකි ය.
ද්‍රව්‍යවල ගුණ වෙනස් වීම, ඒවායේ හැසිරීම ආදිය පිළිබඳව බටහිර විද්‍යාවේ ඇති අඳ
ස්‌වභාවය, භූකම්පා පිළිබඳව ඊට නිසි අනාවැකි ප්‍රකාශ කළ නොහැකි වීම තුළ ද ඇති
ප්‍රධාන සාධකය ලෙස හඳුනා ගැනීමේ එතරම් වරදක් නැතැයි සිතේ. අදාළ භූ තැටිවල සහ අදාළ
ද්‍රව මාධ්‍යයේ ගුණ වෙනස් වී කම්පනය ඇති වූ පසු සිදු වන්නේ කුමක් ද යන්න මේ
විද්‍යාවට ගෝචර ය. එහෙත් ගුණ වෙනස් වීම පිළිබඳ පුරෝකථන කළ නොහැකි ය.
භූ තැටිවල යංමාපාංක, පොයිසන් අනුපාත ආදිය හෝ ඒ ආශ්‍රිත ගුණ වෙනස් වීම නිසා පෙර කී
පරිදි භූකම්පන ඇති විය හැකි ය. (මෙහි දී ද්‍රව්‍යවල ගුණ යන්න සඳහා සිසිල, උණුසුම ද
ඇතුළත් ය). භූ තැටියක යං මාපාංකය වෙනස් වුව හොත්, පා වන මාධ්‍යයේ ඝනත්වය, දෘඪතා
මාපාංකය ආදිය වෙනස් වුව හොත්, එසේ නොමැති නම් මේ භූ තැටි ප්‍රසාරණය/ සංකෝචනය වුව
හොත් භූ කම්පන ඇති විය හැකි ය. මේ ගුණ වෙනස් වීම නිසා භූ තැටිවල චලනයන් ද වෙනස්
විය හැකි ය.
ද්‍රව්‍යවල ගුණ පිළිබඳ පෙරදිග විද්‍යාවල විශාල දැනුමක් ඇත. මෙහි දී ද්‍රව්‍යවල ගුණ
යනු පඨවි, ආපෝ, තේජො, වායෝ, ආකාශ ආදි භූතයන් ය. මෙහි දී ද්‍රව්‍යවල ගුණ ලෙස සඳහන්
වුවත් වඩාත් නිවැරැදි ආකාරයට නම් ද්‍රව්‍ය, ගුණ යනුවෙන් බෙදීමක් නැත. මේ ගුණ එක්
එක් ග්‍රහයාට ද සබැඳ ඇත. එනම් ඒ ඒ ග්‍රහලෝකවල බලපෑම යටතේ පෙර කී ගුණ වෙනස් වේ.
නක්‍ෂත්‍රයේ ද, ආයුර්වේදයේ ද මේ පිළිබඳ දීර්ඝ විස්‌තර ඇත. (මේ පිළිබඳ යම්
විස්‌තරයක් පසුගිය අප්‍රේල් 27 බදාදා ලක්‌බිම පුවත් පතෙහි පළ වූ වෛද්‍ය ඩැනිස්‌ටර්
පෙරේරා මහතා ගේ ලිපියේ සඳහන් වේ)
ග්‍රහයන් මේ ගුණවලට (පොළොවේ) බලපෑමේ දී පොළොවේ සිට අදාළ ග්‍රහයාට ඇති දුර වැදගත්
නැත. මෙහි දී වැදගත් වන්නේ අපට ඉහළ (පහළ) අහසේ මේ ග්‍රහයන් පිහිටන්නේ කවර කෝණයක්
තුළ ද යන්න ය. ජ්‍යෙdතිෂයේ දී ද සලකා බලන්නේ අදාළ ග්‍රහයා පොළොවට කෙතරම් දුරින්
පිහිටනවා ද යන්න නො ව එය අදාළ රාශි චක්‍රය පසුබිමේ පොළොවට සාපේක්‍ෂව, කෝණිකව
පිහිටන්නේ කොතැනක ද යන්න ය. ග්‍රහයා ගේ දුර වැදගත් වන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ
සමීකරණයට ය. එය වෙන ම කතාවකි. ග්‍රහයාට පොළොවට සහ පොළොවේ සත්ත්වයනට බලපෑම් කළ
හැක්‌කේ ගුරුත්වය මගින් පමණක් නො වේ. අපේ එදිනෙදා වැඩකටයුතුවල දී, රොකට් යෑවීමේ
දී, චන්ද්‍රිකා යෑවීමේ දී ආදියේ දී මේ ගුරුත්වය වැදගත් වු වද පොළොවේ ද්‍රව්‍යවල ගුණ
වෙනස්‌වීම පිළිබඳව සැලකීමේ දී ගුරුත්වය යන්න අදාළ නැතැයි සිතේ.
දැන් අපි මේ පසුබිමේ පසුගිය දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා මහාචාර්ය
අතුල සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද භූ කම්පන පිළිබඳ අනාවැකි පළ කිරීමේ
ක්‍රමවේදය පිළිබඳව සලකමු. ඒ මහතා නව ක්‍රමවේදය නිර්මාණය කරගෙන ඇත්තේ ජ්‍යෙdතිෂයට
අදාළ වැඩකටයුතු කර ගැනීම සඳහා නිපැයූ පරිගණක මෘදුකාංගයක් භාවිත කරමින් ය. එමගින්
ඕනෑ ම දිනක ඕනෑ ම වෙලාවක පෙළොවට සාපේක්‌ෂව (පොළොව වටා) හිරු, සඳු, සෙනසුරු,
බ්‍රහස්‌පති ආදි ග්‍රහයන් කෝණිකව පිහිටන අයුරු බලාගත හැකි ය. මේ ග්‍රහ පිහිටීම් සහ
භූ කම්පන සිදු වූ අවස්‌ථා නිරීක්‍ෂණය කිරීමේ දී ඒ මහතාට භූ කම්පා සිදු වූ අවස්‌ථාවල
දී යම් සුවිශේෂී ග්‍රහ පිහිටීමක් දක්‌නට ලැබී ඇත. දැනට නිරීක්‍ෂණය කර ඇති දත්ත
අනුව මේ ග්‍රහ රටාව සහ භූ කම්පන අතර සබඳතාව 75%කින් පමණ වන බැව් ඒ මහතා සඳහන් කරයි.
එනම් මෙවැනි ග්‍රහ රටාවක් (පොළොව වටා) පිහිටි විට භූ කම්පනයක් සිදු වීමේ
සම්භාවිතාව 75%ක් පමණ වේ. එසේ ම භූ කම්පනයක් සිදු වුව හොත් අදාළ ග්‍රහ රටාව
පැවතීමේ සම්භාවිතාව ද එලෙස ම ය. කෙසේ වුවත් මේ පිළිබඳව ඒ මහතා තව දුරටත් මේ ගැන
අධ්‍යයනය කරමින් සිටී. එසේ ම මේ අත්දැකීම මත ඒ මහතා මෑතක දී කළ අනාවැකි ද සෑහෙන පමණ
සාර්ථක වී ඇත.
කෙසේ වුව ද දැනට ඒ මහතාට මේ පිළිබඳව ඇත්තේ සංඛ්‍යානය මත පදනම් වූ පදනමක් පමණි.
එනම් සංඛ්‍යානමය රටාවක් පමණි. එහෙත් සොබාදහමේ සියල්ල ද රටා ය. මේ රටා ඉතා සරල,
කෙටි රටා නම්, එනම් සොබාදහම අපට එලෙස කෙටි, සරල රටා ලෙස තේරුම් ගත හැකි නම් වඩා හොඳ
ය. නිව්ටන් නියම ඉතා සරල කෙටි රටා ය. එහෙත් දැනට මහාචාර්ය අතුල සේනාරත්න මහතා සතු
රටාව එවැනි සරල කෙටි, (සුන්දර) එකක් නො වේ. එහෙත් මේ සංඛ්‍යාන රටාව කෙලෙසින් හෝ
පවත්නා බටහිර විද්‍යා නියමවලින් (රටාවලින්) ම තව දුරටත් පැහැදිලි කළ යුතු යෑයි
නියමයක් ද නැත. අවශ්‍ය නම් මේ සංඛ්‍යාත රටාව එලෙස ම තබා ගනිමින් ඉන් ප්‍රයෝජන ගත
හැකි ය. කෙසේ වුවත් මේ රටාව නිව්ටන් ගේ ගුරුත්වයෙන් හෝ චුම්බක ක්‍ෂේත්‍ර ඇසුරෙන් හෝ
පැහැදිලි කෙරුම එතරම් ලෙහෙසි වැඩක් නො වේ. මෙහි දී මේ සඳහා පෙරදිග පවතින
ද්‍රව්‍යවල ගුණ සහ ග්‍රහයන් අතරේ ඇති සබැඳියාව පදනම් කර ගත් දැනුම ප්‍රයෝජනයට ගත
හැකි ය.
අතුල සේනාරත්න මහතා තම රටාව නිරීක්‍ෂණය කොට ඇත්තේ සූර්යයා කේන්ද්‍ර කරගත් ආකෘතියක්
හරහා ද නො වේ. ඒ මහතා උපයෝගී කරගෙන ඇත්තේ පෙරදිග චන්ද්‍ර-සූර්ය ග්‍රහ ආකෘතිය ය. මේ
ආකෘතිය තුළ ග්‍රහ පිහිටීම් සහ ද්‍රව්‍යවල ගුණ අතර සබැඳියාව ගැබ් ව ඇත. මෙහි දී පෙර
සඳහන් කළ පරිදි පොළොවේ සිට අදාළ ග්‍රහයාට ඇති දුර වැදගත් නැත. වැදගත් වන්නේ අදාළ
(පොළොවට සාපේක්‌ෂ) කෝණික පිහිටුම පමණි. මේ ග්‍රහ පිහිටුම් පමණක් නො ව ඒවා ඈත
පිහිටි තරු රාශි පසුබිමේ පිහිටුම ද සැලකුව හොත් මේ සබැඳියාව තව දුරටත් සනාථ කර ගත
හැකි වනු නොඅනුමාන ය. මේ අනුව දැන් කළ යුත්තේ පොළොව වටා ඇති ග්‍රහයන් මගින් පොළොවේ
ද්‍රව්‍යවල (සතුන් ගේ ද ඇතුළුව) ගුණ වෙනස් කෙරෙන ආකාරය පිළිබඳව අධ්‍යයනය කෙරුම ය.
මෙහි දී අධ්‍යයන පමණක් නො ව මනින්ද්‍රිය ද ඇසුරු කර ගනිමින් ධ්‍යාන ක්‍රම ද අතිශය
වැදගත් වනු ඇත. මෙසේ ද්‍රව්‍යවල ගුණ වෙනස් වීම අනුව භූ කම්පන සිදුවීම පැහැදිලි කර
ගත හැකි වනු ඇත. එනම් ග්‍රහ පිහිටීම් අනුව මේ ගුණ වෙනස්‌වීම් පුරෝකථනය කළ හැකි වනු
ඇත. ඒ අනුව භූ කම්පන පුරෝකථනය කළ හැකි වනු ඇත. එපමණක් නො ව දැනට සංඛ්‍යාන රටාවක්
ලෙස පවතින දැනුම පෙරදිගින් මනා අරුත් ගැන්වීමක් ද කළ හැකි වනු ඇත.
චන්ද්‍රයා ගේ බලපෑම අනුව ආපෝ භූත රාශිය වෙනස් වන අයුරු දැනටමත් අපි දනිමු. පැළෑටි
තුළ ද මේ වෙනස්‌වීම් දක්‌නට ඇත. මෙසේ පඨවි, තේජෝ, වායෝ ආදි ගුණ ද වෙනස් වන විට
නූතන භෞතික විද්‍යාවට ගෝචර යං මාපාංකය, ද්‍රස්‌ස්‍රාවිතාව, උෂ්ණත්වය ආදිය ද වෙනස්
වනු ඇත. භූ තැටිවල සහ අදාළ ද්‍රව මාධ්‍යයේ මේ ගුණ වෙනස් වීම තුළ භූ කම්පන ඇති වීම
අනතුරුව (අවශ්‍ය නම්) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙන් පැහැදිලි කර ගත හැකි ය.
රූපය 1හි ඇත්තේ භූ කම්පනයක් ඇති වූ දිනක පොළොවට සාපේක්‍ෂව ග්‍රහයන් පිහිටි අයුරු
ය. එහි දී ග්‍රහයන් ගේ යම් සංකේන්ද්‍රණය වූ ගතියක් ඇත. රූපය 2හි ඇත්තේ එවැන්නක්
නැති දිනක ග්‍රහ පිහිටීම ය. රූපය 3හි ඇත්තේ පෙළොවේ භූ තැටිවල පිහිටුම් සහ භූ කම්පන
ඇති වූ ස්‌ථානයන් ය. භූ කම්පන සිදු වන තැන සඳහන් කෙරුමේ දී මේ භූ තැටි පිහිටුම්
පිළිබඳ විස්‌තර වැදගත් ය.
ඉතින් දැන් කළ යුත්තේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් පෙරදිග ග්‍රහලෝක ආකෘතිය
තුළ හිඳිමින් ඉදිරිපත් කරනු ලබන ග්‍රහ පිහිටුම් සහ භූ කම්පන පිළිබඳ රටාවට පෙරදිගින්
ම පදනමක් ලබා දීම ය. මේ සඳහා නිව්ටන් ගේ ගුරුත්ව සමීකරණ පසුපස යැම යෝග්‍ය නැත.
ග්‍රහ පිහිටුම් සහ ද්‍රව්‍ය ගුණ අතර පෙරදිග දැනුමේ ඇති දැ මෙහි දී වැදගත් වනු ඇත.
නිව්ටෝනීය යාන්ත්‍රිකයට අනුව යම් ග්‍රහ වස්‌තුවක් ඒකාකාර නො වූ ගුරුත්ව
ක්‍ෂේත්‍රයක චලනය වන විට වස්‌තුවේ අභ්‍යන්තරයේ ආතති/සම්පීඩන ඇති වේ. එහෙත් සෙනසුරු,
බ්‍රහස්‌පති වැනි විශාල ග්‍රහයන් ගේ සමස්‌ත බලපෑමෙන් පොළොව සමීපයේ ඇති කෙරෙන
ගුරුත්ව ක්‍ෂේත්‍රයන් වුව සාමාන්‍යයෙන් සූර්යයා ගෙන් සහ චන්ද්‍රයා ගේන් ඇති කෙරෙන
ගුරුත්ව ක්‍ෂෙත්‍රයේ (පොළොව සමීපයේ) වෙනසක් ඇති වේ යෑයි සිතීම ඉතා උගහට ය.
විශේෂ ස්‌තුතිය - අදාළ ඡායාරූප සහ තොරතුරු ලබා දීම පිළිබඳව මහාචාර්ය අතුල සේනාරත්න
මහතාට
සටහන ( ග්‍රහ වස්‌තුවල බලපෑමෙන් පොළෝ තලයේ ද්‍රව්‍යමය ගුණයන්හි වෙනස්‌කම් ඇති වීම
පිළිබඳව සඳහන් පැරැණි පෙරදිග පොතපත (ආයුර්වේදීය, නක්‌ෂත්‍ර ආදී) පාඨක ඔබ ද කියවා
තිබිය හැකි ය. එවැනි පොතපත පිළිබඳව විදුසර දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
කපිල පීරිස්
ආචාර්ය මහිංසාස නාරායන |
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...